
කෙටුම්පත සකසා අවසන්.. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්
එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කෙරේ.
ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.
එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය. Lanka C News
ලෝක බලවතා
July 14, 2021 at 8:16 pmහරක් වුණත් පව් කී පාරක් කියලා රවටනවද