2020 ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර 100 සමනල ආර ඉසව්වේ මූලික වටයට තරග වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකා Aniqah Gaffoor එහි දී දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනේ 01:05:33ක කාලයක් වාර්තා කරමින්.
එම ඉසව්වේ ප්‍රථම ස්ථානය 01:01:37කින් ඉසව්ව නිමා කළ අසර්බයිජාන් ක්‍රීඩිකා Maryam Sheikh Alizadeh විසින් දිනා ගත් අතර තෙවැනි ස්ථානය Refugee Olympic Team නියෝජනය කරන Yusra Mardini විසින් හිමි කරගත්තේ 01:06:78ක කාලයක් වාර්තා කරමින්.

කෙසේ වෙතත් මූලික තරග වට අවසානයේ ඉසව්ව නිමා කිරීමට වාර්තා කරන ලද කාලය අනුව Aniqah හට හිමිව තිබෙන්නේ 32 වැනි ස්ථානයයි. ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අවසන් පූර්ව වටය සඳහා තරග වැදීමට Aniqah හට නොහැකි වනු ඇත.

 

මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා 10m Air Rifle ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල ද අද (24) තම සුදුසුකම් ලැබීමේ වටය සඳහා තරග වැදුණා. එහි දී තරග වට 5ක් අවසානයේ දී ඇය එම ඉසව්වේ 49 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වුනේ මුළු ලකුණු 611.5ක් සමඟිනි.

32 වැනි ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කමේ හිමිකාරිය වීමට කාන්තා 10m Air Rifle ඉසව්ව ජයග්‍රහණය කළ චීනයේ Yang Qian සමත් වුනා. එම ඉසව්වේ රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම පිළිවෙළි රුසියාවේ Anastasia Galashina සහ ස්විස්ටර්ලන්තයේ Nina Christen විසින් දිනා ගනු ලැබුවා.

අද පස්වරු 4:30ට පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්වේ තම ප්‍රථම කාණ්ඩ තරගය ලෙස නිලූක කරුණාරත්න T. W. Wang සමඟ තරග වැදීමට නියමිතයි.

ThePapare.com