
කොවිඩ්: ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණය සිදුවන්නේ කෙසේද?
ජපානයෙන් ශ්‍රී ලංකාවට ප්රදානය කරන ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත් තොගය (මාත්‍රා 727,540ක්) අගෝස්තු 7 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කොළඹ සිටින ජපාන තානාපතිවරයා ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.
පසුගිය සෙනසුරාදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ ජපානයෙන් පිරිනමන ලද පළමු එන්නත් මාත්‍රා 725,000 ක් ශ්‍රී ලංකාවට ලැබීමත් සමගම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකිව බලා සිටි පිරිස සඳහා එන්නත්කරණ ක්‍රියාවලිය රජය විසින් ඉතාමත් ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කරමින් ඒ සඳහා විශේෂිත ස්ථාන කිහිපයක් පිහිටුවන ලදි.
ඒ අනුව ඉරිදා (අගෝස්තු 01) ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 69, 266ක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවල දැක්වේ. එම මාත්‍රා 69,266ත් සමග මේ වන විට ඇස්ට්‍රාසෙනෙකා දෙවෙනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 455,151 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 470,091 ක් දෙවන මාත්‍රාව අපේක්ෂාවෙන් සිටින බවට එම දත්ත පෙන්නුම් කරයි.

ඉරිදා උදෑසන 6.30 සිට සඳුදා අලුයම 5 දක්වා කාලය තුළ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පමණක් පුද්ගලයින් 19,075 දෙනෙකුට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දුන් බව හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පැවසීය.
ඔහු තවදුරටත් පැවසුවේ, කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එන්නත් මධ්‍යස්ථානයට අමතරව බත්තරමුල්ල දියත උයන එන්නත්කරණ මධ්‍යස්ථානය ද ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම පිණිස පැය 24 පුරා විවෘතව තැබෙන බවයි.
මේ වන විට තෝරාගත් රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා යුද හමුදාව මගින් පවත්වන මධ්‍යස්ථාන ඇතුළු ස්ථාන 109 කදී මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරන අතර, නැවත දැනුම් දෙන තුරු මධ්‍යස්ථාන ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම සඳහා විවෘතව තබන බවත් ඔහු පැවසීය.
එසේ පිහිටු වූ එන්නත්කරණ ස්ථාන මොනවාද?
හමුදා එන්නත්කරණ මධ්‍යස්ථාන- කොළඹ
- නාරාහේන්පිට හමුදා රෝහල
- බොරලැස්ගමුව කොතලාවල ආරක්ෂක රෝහල (SLAMC)
- පනාගොඩ බෝධිරාජාරාමය
- තලංගම දියත උයන (අගෝස්තු 2 සිට අගෝස්තු 4 දක්වා පමණි)
- කුරුඳුවත්ත විහාරමහාදේවී උද්‍යානය
CMC – ගුවන් හමුදා එන්නත් මධ්‍යස්ථාන – කොළඹ
- කුරුඳුවත්ත BMICH
- මාලිගාවත්ත පීඩී සිරිසේන පිටිය
- ග්‍රෑන්ඩ්පාස් සුගතදාස ක්‍රීඩාංගණය

එන්නත් ලබාදෙන කොළඹ රෝහල්
- මොරටුව දිසා රෝහල
- අතුරුගිරිය දිසා රෝහල – අතුරුගිරිය
- නවගමුව දිසා රෝහල – නවගමුව
- පිළියන්දල දිසා රෝහල – පිළියන්දල
- කහතුඩුව දිසා රෝහල
- අවිස්සාවේල්ල ඩීජීඑච් – අවිස්සාවේල්ල
- හෝමාගම මූලික රෝහල – හෝමාගම
- කොස්ගම දිසා රෝහල – කොස්ගම
- තලංගම මූලික රෝහල
- පාදුක්ක දිසා රෝහල – පාදුක්ක
- මුල්ලේරියාව බෝවන රෝග නිවාරණ රෝහල (IDH) රෝහල – අංගොඩ
- නැගෙනහිර කොළඹ මුලික රෝහල (CEBH) – මුල්ලේරියාව
- දකුණු කොළඹ ශික්ෂණ රෝහල කළුබෝවිල
MOH කාර්යාල – කොළඹ
- තලංගම MOH කාර්යාලය – බත්තරමුල්ල
- බොරලැස්ගමුව MOH කාර්යාලය – බොරලැස්ගමුව
- මොරටුව MOH කාර්යාලය – මොරටුව
- එගොඩඋයන MOH කාර්යාලය – මොරටුව
- ගොතටුව MOH කාර්යාලය – ගොතටුව
- හංවැල්ල MOH කාර්යාලය – හංවැල්ල
- හෝමාගම MOH කාර්යාලය – හෝමාගම
- කඩුවෙල MOH කාර්යාලය – කඩුවෙල
- කහතුඩුව MOH කාර්යාලය – කහතුඩුව
- කැස්බෑව MOH කාර්යාලය – කැස්බෑව
- වැල්ලම්පිටිය MOH කාර්යාලය – කොළොන්නාව
- මහරගම MOH කාර්යාලය – මහරගම
- නුගේගොඩ එම්ඕඑච් කාර්යාලය – නුගේගොඩ
- පාදුක්ක MOH කාර්යාලය – පාදුක්ක
- පිළියන්දල MOH කාර්යාලය – පිළියන්දල
- වැලිකඩ MOH කාර්යාලය – පිටකෝට්ටේ
එන්නත් මධ්‍යස්ථාන – කොළඹ
- දෙහිවල එස් ද එස් ජයසිංහ ශාලාව
- ගල්කිස්ස මිහිඳු මාවත මාතෘ සායනය

හමුදාවේ එන්නත් මධ්‍යස්ථාන – ගම්පහ
- කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය
- කැලණිය ධර්මාලෝක විද්‍යාලය
- මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය
ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්
- නිට්ටඹුව වතුපිටිවල මූලික රෝහල
- දිවුලපිටිය දිසා රෝහල – දිවුලපිටිය
- දොම්පේ දිසා රෝහල – දොම්පේ
- කිරිඳිවැල දිසා රෝහල – රදාවාන
- බියගම දිසා රෝහල – බියගම
- ජා ඇල දිසා රෝහල – ජා ඇල
- ගම්පහ ඩීජීඑච් – ගම්පහ
- මීගමුව ඩීජීඑච් – මීගමුව
- කිරිබත්ගොඩ මූලික රෝහල – කිරිබත්ගොඩ
- මල්වතුහිරිපිටිය දිසා රෝහල – මල්වතුහිරිපිටිය
- මීගහවත්ත දිසා රෝහල – උඩුපිල
- මිනුවන්ගොඩ මූලික රෝහල – මිනුවන්ගොඩ
- රාගම ශික්ෂණ රෝහල – රාගම
- සීදුව විජය කුමාරතුංග – රෝහල
- පමුණුගම දිසා රෝහල – පමුණුගම

ගම්පහ දිස්ත්‍රික්කයේ MOH කාර්යාල
- නිට්ටඹුව MOH කාර්යාලය – අත්තනගල්ල
- බියගම MOH කාර්යාලය – බියගම
- දිවුලපිටිය MOH කාර්යාලය – දිවුලපිටිය
- පූගොඩ MOH කාර්යාලය – දොම්පේ
- ගම්පහ MOH කාර්යාලය – ගම්පහ
- ජා ඇල MOH කාර්යාලය – ජා ඇල
- දෙමන්හන්දිය MOH කාර්යාලය- කටාන
- MOH කාර්යාලය – කටාන
- කඩවත MOH කාර්යාලය – මහර
- මිනුවන්ගොඩ MOH කාර්යාලය – මිනුවන්ගොඩ
- මීරිගම MOH කාර්යාලය – මීරිගම
- මීගමුව MOH කාර්යාලය – මීගමුව
- රාගම MOH කාර්යාලය – රාගම
- සීදුව MOH කාර්යාලය – සීදුව
- වත්තල MOH කාර්යාලය – වත්තල
ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් මධ්‍යස්ථාන
- වේයන්ගොඩ පෙර පාසල – වේයන්ගොඩ
- එළුවාපිටිය ප්‍රජා ශාලාව
- රණසිංහල විහාරය
- සපුගස්කන්ද අභිනවාරාමය
- හෙයියන්තුඩුව සායනය
- බියගම වල්ගම සායනය
- මීගහවත්ත විහාරය
- උඩුපිල විහාරය
- නාරංවල පිරිවෙන
- කඳුබොඩ සායනය
- කොච්චිකඩේ පෝල් පාප් පාසල
- කටාන කළුවරිප්පුව පල්ලිය
- කොටදෙනියාව බණ්ඩලගම පොළ පරිශ්‍රය
- දොම්පේ පුටුපගල
- අස්ගිරිය රජමහා විහාරය ගම්පහ
- ඉන්ඩිගොල්ල විජිත පෙර පාසල
- වැලිවේරිය බෝධිරාජ විද්‍යාලය – රතුපස්වල
- ජා ඇල කනුවන ශාන්ත ජෝසප් විද්‍යාලය
- නිවාසපුර ප්‍රජා ශාලාව
- මහර නුගේගොඩ ඉසිපතන සම්බෝධි විහාරය
- කඩවත ගොංගිතොට සායනය
- පල්ලෙවෙල මුද්දරගම සංයුක්ත තැටිය
- මීරිගම වේරගොඩ විහාරය
- අඹේපුස්ස සායනය
- මිනුවන්ගොඩ මාලිගා ගොඩැල්ල උත්තරාරාම විහාරය
- මීගමුව වැල්ල වීදිය සායනය
- රාගම බටුවත්ත සායනය
- සීදුව ලංසියවාදිය විහාරය
- වත්තල විද්‍යාලෝක විද්‍යාලය
- ශාන්ත අන්තෝනි විද්‍යාලය – වත්තල
කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්
- හොරණ හොරණ මූලික රෝහල
කළුතර දිස්ත්‍රික්කයේ එන්නත් මධ්‍යස්ථාන
- අගලවත්ත පිඹුර ප්‍රාථමික විද්‍යාලය (අගලවත්ත MOH)
- බණ්ඩාරගම පින්වත් සායනය (MOH බණ්ඩාරගම)
- හොරණ තලගල මංගලාරාමය විහාරය (MOH හොරණ)
- පානදුර දකුණ හිරාන පොලි සායනය (MOH පානදුර)
- මහානාම විද්‍යාලය (පානදුර MOH)
- මතුගම සණස කාර්යාලය – බෝපිටිය (MOH මතුගම)
Leave a Reply