
පොලොන්නරුවෙන් සහල් මෙට්‍රික් ටොන් 1000ක් රජයේ බාරයට
පාලන මිලට වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂාකර, හදිසි නීති රෙගුලාසි යටතේ ඒවා රජයේ භාරයට ගෙන, පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දුන් අතර ඒ අනුව මෙම සහල් තොග රජයේ භාරයට ගත් බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කරයි.
සතොස සහ ආහාර දෙපාර්තමේන්තුවේ ලොරි රථ 70ක් පමණ පොලොන්නරුවට රැගෙන ගොස් තිබූ අතර, මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතු ව තිබී රජයේ භාරයට ගත් එම සහල් තොග සතොස හරහා අලෙවි කිරීමට අද පස්වරුවේම කොළඹට රැගෙන එනු ලැබූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
නිපුන,අරලිය,ලත්පඳුර ,නිව්රත්න,හිරු සහ සූරිය යන සහල් මෝල් වල තිබූ සහල් තොග මෙලෙස පවරා ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කරයි. මෙි අතර නිව් රත්න සහල් මෝල සතුව පැවති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේදී එහි හිමිකාරත්වය සැලසුම් සහගත විරෝධතා මතු කිරීමට කටයුතු කළ බවත් ඔවුන් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත් අත්‍යවශ්‍ය සේවා කොන්සල් ජෙනරාල් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ සහායට පාරිභෝගික සේවා අධිකාරියේ සහ සතොස නිලධාරීහු ද පොලීසියද එක් ව සිටියහ .
Leave a Reply