
කටුනායක බෝම්බ අවදානම පිටුපස අමෙරිකාව සිටින බව හෙළිවෙයි
පසුගියදා මෙරට තුළ දැඩි
ආන්දෝලනයකට තුඩුදුන් හේතුවක් ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සහ තවත් රජයේ ප්‍රධාන ස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු ඊ-මේල් පණිවිඩය පෙන්වා දෙන්න පුළුවන්.
බංග්ලාදේශ හමුදාවේ ප්‍රධාන පෙළේ නිලධාරියෙකුගේ ඊ-මේල් ගිනුමකින් පැමිණි අදාළ අනතුරු ඇඟවීම හරහා ප්‍රකාශ කර තිබුණේ ඔවුන් නම් කරන සිව්දෙනෙකු නිදහස් නොකළහොත් ප්‍රහාරයක් දියත් කරන බවයි.
ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රධාන වෙබ් අඩවිය වෙත ලැබුණු මෙම පණිවිඩය පිළිබඳව කරන ලද පරික්ෂණවලදී නව කරුණු කිහිපයක් සොයා ගන්න ආරක්ෂක අංශ නිලධාරීන් සමත්ව තිබෙනවා.
මෙම ව්‍යාජ ඊ-මේල් පණිවිඩය ලැබී ඇත්තේ අමෙරිකාවේ සිට වන බවට මේ වන විට හෙළිවී තිබෙනවා.
බංග්ලාදේශ හමුදාවේ විශ්‍රාමික මේජර්වරයෙකුගේ ඊ-මේල් ගිනුමකට හැකර් ප්‍රහාරයක් එල්ල කර ඒ හරහා මෙම ඊ-මේල් පණිවිඩය මෙරටට ඒවා ඇති බවටයි තොරතුරු ලැබි තිබෙන්නේ.
එමෙන්ම එම ඊ-මේල් ගිනුමට හැකර්වරුන් විසින් ඇතුළු වී තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදය හරහා බවත් හෙළිවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙමින් ඇති බවයි වාර්තා වන්නේ.
Leave a Reply