
ඕනෑම රටකට යා හැකි විශේෂ වීසා බලපත්‍රයක් හිමි ‘ලාංකික කෝටිපති ඉංජිනේරුවා’ රහසේ මරා කළපුවට දමලා
මීට වසර තුනකට පෙර සිට අතුරුදන්ව සිටි හලාවත, කාක්කපල්ලිය ප්‍රදේශයේ ඉඩම් හා දේපළ හිමි කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ ඉන්ජිනේරුවරයකුගේ අතුරුදන්වීමේ සුලමුල සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සමත් වී තිබෙනවා.
ඊට සම්බන්ධ වූ සැකකරුවන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අතුරුදන් වී ඇති බවට සඳහන් මෙම ව්‍යාපාරිකයා ඝාතනය කොට ඔහුගේ මළසිරුර කළපු ප්‍රදේශයකට දමා ඇතැයි වාර්තා වනවා.
ඒ කෙසේ වෙතත් වසර තුනක කාලයක් තිස්සේ ඔහුගේ සිරුර හෝ සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.
මෙසේ අතුරුදන්ව සිටියේ වීරබන්දනලාගේ සමන් විජේසිරි නමැති හලාවත, කාක්කපල්ලිය ප්‍රදේශයේ කෝටිපතියකුයි.
2018 ඔක්තෝබර් මස 13 වැනි දින මොහු අතුරුදන් වී අතර කලක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි නිසා ඔහු යළිත් එරටට ගිය බවට ප්‍රචාරය කර තිබෙනවා.
පසුව රහස් පොලිස් කණ්ඩායම ඒ පිළිබඳව සොයා බැලීමෙන් පසු එය ව්‍යාජ එකක් බවත් අතුරුදන් කෝටිපතියා විදේශගත වී නැති බවත් ඔහු විදේශගත වී ඇති බවට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සම්බන්ධ ආගමන හා විගමන නිලධාරියකු ව්‍යාජ දත්ත සකසා ඇති බවත් හෙළිව තිබුණා.
එමෙන්ම මොහුගේ දේපළ ලබා ගැනීමේ අරමුණෙන් සැකකරුවන් විසින් සකසනු ලැබූ ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක්ද රහස් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අද (27) පුවත්පත් වාර්තා කර තිබුණේ මෙසේයි.
‘බිංගිරිය, බෝවත්ත ප්‍රදේශයේදී 1955 වසරේ ජනවාරි මස 7දා උපත ලබන සමන් විජේසිරි සහෝදර සහෝදරියන් හත්දෙනකුගෙන් සමන්විත පවුලේ බාලයාය.
සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ඔහු ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය.
උසස් පෙළ විභාගයෙන්ද ඉහළින් සමත්වන ඔහු කටුබැද්ද විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට ඇතුළත්ව ඉන් පිටවන්නේ ඉන්ජිනේරු උපාධිය ලැබීමෙන් අනතුරුවය.
ඉන් අනතුරුව මහඉලුප්පල්ලම කෘෂි ආයතනයේ පරීක්‍ෂණ අංශයට එක්වූ ඔහු විසින් නිෂ්පාදනය කළ මරුයාමා ගොයම් කපන යන්ත්‍රය නිසා සමන්ගේ නම ජාත්‍යන්තරයටද එක්විය. පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා නියෝජිතයකු ලෙස එකතු වූ සමන් සැම්බියාව, ඇෆ්ගනිස්තානය, බෘෘනායි, ඔස්ට්‍රේලියාව ආදී රටවලද ඉන්ජිනේරුවරයකු ලෙස සේවය කළේය.
එහිදී දැන හඳුනාගත් ජපන් ජාතික යුවතියක් සමඟ විවාහ වූ ඔහු පදිංචිව සිටියේ ඕස්ට්‍රේලියාවේය.
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවකු වූ සමන් ක්වින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේදී ශාස්ත්‍රපති උපාධියද හැදෑරීය.
කලක් මොහු මහනුවර ජලසම්පාදන අංශයේ විධායක තනතුරද හෙබවූ අතර ජලය සැපයීමේ කටයුතු අඩාල වන අවස්ථාවේදී ඒ පිළිබඳ සියලු ඉන්ජිනේරුවරුන් ක්‍ෂණයකින් දැනුවත් කිරීම සඳහා කෙටි පණිවුඩ යැවීමේ ක්‍රමයක්ද ඔහු විසින් අත්හදා බැලූ අතර එයද සාර්ථක විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෘත්තිකයකුද වූ මෙම ඉන්ජිනේරුවරයාට ලෝකයේ ඕනෑම රටකට ගමන් කළ හැකි විශේෂ වීසා බලපත්‍රයක්ද ඕස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කර තිබිණි.
මෙරට මෙන්ම ඕස්ට්‍රේලියාවේද දේපළ ඉඩකඩම් මොහු සතුය. ලෝක බැංකුවේද වරෙක සේවය කර ඇති මොහු මීට වසර තුනකට පෙර මෙරටට පැමිණියේ යළි ඕස්ට්‍රේලියාවට නොගොස් මෙරට ජීවත්වීම සඳහාය. ඒ සඳහා අක්කර ගණනක ඉඩමක්ද මිලදී ගෙන තිබිණි. මොහු අතුරුදන් වන්නේ ඒ අතරය.
මේ වන විට මෙම කෝටිපති ඉන්ජිනේරුවරයා ඝාතනය කර ඇති බවට අනාවරණය වීම නිසා සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගේ ප්‍රකාශ මත ඉදිරි දිනයකදී කෝටිපතියා මරාදැමූ ස්ථානය නිරීක්‍ෂණය කිරීමට රහස් පොලිසිය බලාපොරොත්තු වේ. Liveat8
Leave a Reply