සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි 207 දෙනෙකු පිළිබඳව විභාග දෙපාර්තුමේන්තුව විසින් දැඩි තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ 207 දෙනාගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස ප්‍රතිඵල අත්හිටු වීමට හේතුව වී තිබුණේ එම 207 දෙනා විසින් විභාග අක්‍රමිකතා සිදුකළ බවට හෙළි වීමයි.

එමෙන්ම මෙවර නියම විභාග අපේක්ෂකයා වෙනුවට වෙනත් පුද්ගලයෙකු පෙනී සිටි අවස්ථාවන් 06ක් ද වාර්තා වී ඇති බවට විභාග දෙපාර්තුමේන්තුව පවසා සිටිනවා.

අත්අකුරු වෙනස් වීම්, පිළිතුරු පත්‍ර හුවමාරු වීම්, ජංගම දුරකථන ළඟ තබා ගැනීම් සහ පිළිතුරු සමාන වීම් ද ප්‍රතිඵල අත්හිටුවීමට හේතු වී තිබෙනවා.

මෙවැනි චෝදනා යටතේ විභාග අක්‍රමිකතා පිළිබඳව චෝදනා 4,174ක් විභාග දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණූ අතර ඒ පිළිබඳව විමර්ශනය කළ විභාග දෙපාර්තුමේන්තුව 3,967 දෙනෙකුගේ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඉදිරියේ මෙම චෝදනා සම්බන්ධ පිරිස සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර පියවර ගන්නා බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පවසා තිබෙනවා.