පසුගිය ආණ්ඩු කාලයේ ලොකු ලොක්කන් මුදල් ගසා කෑ ආකාරය සහ මහ දවල් මහ බැංකුව හොරා කෑ ආකාරය පිළිබඳ කවුරුත් දැන් කතා කරන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟි සේවක සංගමයේ පළමු සංවත්සර උලෙළේදී පෙරේදා (25) පැවසීය.

එවැනි ආකාරයේ හොරකම් වත්මන් ආණ්ඩුව තුළත් වන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ හොරකමත් එකයි, මේ හොරකමත් එකයි යැයි ද එහිදී කීවේය.

හැටනව ලක්ෂයක් වූ ජනතාව මේ වන විට වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහමුලින්ම ප්‍රතික්ෂේප කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය. රුපියල් පන්දහසේ දීමනාව රාජ්‍ය සේවයේ සියල්ලන්ට දෙන බවට ආණ්ඩුව පුරසාරම් දෙඩුව ද දැන් තැනින් තැන එම චක්‍රලේඛ රිවර්ස් වෙමින් පවතින බව ද ඔහු වැඩි දුරටත් කීවේය.

 

පහන් විජේසේකර