
දිනකට කෝටි 55ක් පාඩු ලබන තෙල් සංස්ථාව වසරකට කෝටි 150ක බෝනස් ගෙවයි
දිනකට රුපියල් කෝටි 55ක් (මිලියන 551ක්) පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම සඳහා පමණක් වසරකට රුපියල් කෝටි 150ක් පමණ වැය කරන බව අනාවරණය වෙයි.
සේවකයන් 5,200කට පමණ පිරිසකට වසරකට තුන්වරක් ඛනිජ තෙල් සංස්ථාව මෙසේ බෝනස් ලබා දෙයි.
එසේම ඛනිජ තෙල් සංස්ථාවේ සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් සඳහා මේ වන විටත් මාසකට රුපියල් කෝටි 25 – 30ක අතිකාල (OT) ගෙවන බවද සංස්ථාවේ මූල්‍ය අංශ පවසයි.
ඩොලර් බිලියන 3.71ක් එනම් රුපියල් බිලියන 750කට වැඩි ණයක් සහිත, ආණ්ඩුවට පසු ලංකාවේ සිටින ලොකුම ණය ගැතියා ඛනිජ තෙල් සංස්ථාව බව පසුගියදා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේය.
ක්‍රිසන්ති විතාරණ
Leave a Reply