බෙලරුසියා දේශසීමාවේදී රුසියාව සමඟ කොන්දේසි විරහිතව සාම සාකච්ඡා පැවැත්වීමට තමන් එකඟ වූ බව යුක්රේන ජනාධිපති කාර්යාල ප්‍රකාශයකු අනාවරණය කළැයි විදෙස් ප්‍රවෘත්ති සේවා ඊයේ්(27) වාර්තා කළේය.

යුක්රේනය මේ තීරණයට එළඹ ඇත්තේ රුසියා ජනපති ව්ලැද්මීර් පුටින් ස්වකීය න්‍යෂ්ටික බළ ඇණියට ප්‍රහාර සඳහා ස්ථානගත වීමේ නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකය. රුසියා පාබළ හමුදා යුක්රේනයේ දෙවැනි විශාලතම නගරය වන කාර්කිව් වෙත පිවිස ඇති බවත්, ප්‍රහාර හේතුවෙන් යුකරේන සිවිල් වැසියන් රැසක් ඝාතනයට පත්ව ඇති බවත්, ලක්ෂ තුනකට අධික පිරිසක් රටින් පලා ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (28) හදිසි රැස්වීමක් කැඳවා ඇත්තේ රුසියා-යුක්රේන යුද තත්ත්වය මැඬ පැවැත්වීම සඳහා මහා මණ්ඩලයේ සුවිශේෂ සැසි වාරයක් කැඳවීමේ යෝජනාවක් සම්මත කර ගැනීම සඳහාය.

ජයත් පියදසුන්