74 වසරක සාපය නිමා කරමු යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කරනු ලබන විරෝධතා රැලිය අද (23) පස්වරු 03 ට ආරම්භ වීමට නියමිත බව එම සංවිධානය කියයි.

නුගේගොඩදීයි විරෝධතා රැලිය ආරම්භ වෙයි.

ජනතාව මත අසීමිත පීඩනයක් පටවමින් වත්මන් ආණ්ඩුව සිදුකරන ක්‍රියාකලාපයට විරෝධය දැක්වීම සහ ආණ්ඩුව පළවා හැරීමේ උද්ඝෝෂණ මාලාව ආරම්භ කිරීම මෙහි අරමුණ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියාය.