ඔබේ දරුවාටත් මෙම ලක්ෂණ තියෙනවා ද?

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් කුඩා දරුවන්ට ඇගපත වේදනාව, හිසරදය, මහන්සිය වැනි ලක්ෂණ වැඩි වශයෙන් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

විජලනය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන බවත් ඒ පිළිබඳ බියක් ඇතිකර නොගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් දරුවන් විජලනයට ලක්වීමේ හැකියාව පවතින බැවින් මෙම තත්වය මඟහරවා ගැනීමට වැඩි වතුර ප්‍රමාණයක් පානය කරන ලෙසත් දිනකට දෙවරක් ස්නානය කරන ලෙසත් වෛද්‍යවරයා ඉල්ලීමක් කළාය.

සෑම වසරකම මාර්තු අග සහ අප්‍රේල් මුල් කාලයේ හිරු මුදුන් වීම හේතුවෙන් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 32-33ත් දක්වා වැඩි විය හැකියි.