ලෝක වෙළෙඳපොළේ පවතින මිල සහ අනෙකුත් සාධක සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල පිළිබඳ ඉදිරියේදී ක්‍රියාකරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඊයේ (24) පැවසීය.

ඒ අනුව සෑම සතිදෙකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.