‘කොවිඞ් 19’ වෛරසය ආසාදනය වීම නිසා මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය සම්බන්ධ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබන සතියේ ප‍්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මේ සම්බන්ධව ඊයේ (26 දා* පැවැති තාක්ෂණික කමිටු රැුස්වීමේදී ඊට අදාළ මූලික කරුණු පිළිබඳව සාකච්ඡුා කර ඇත. කොවිඞ් මරණ භූමදානයට අවසර ලබාදෙමින් පෙරේදා (25දා* මධ්‍යම රාත‍්‍රියේ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයත් සමග ශ‍්‍රී ලංකාවේ මියයන කොවිඞ් රෝගීන් ආගමික භේදයකින් තොරව භූමදානය කිරීමට අවසර හිමිව ඇත. එබැවින් දිවයිනේ ඕනෑම ප‍්‍රදේශයකින් කොවිඞ් මරණයක් වාර්තා වුවහොත් මියගිය එම පුද්ගලයාගේ ඥාතීන් විසින් එම සිරුර ආදාහනය නොකර භූමදානයට අවසර දෙන ලෙස ඉල්ලා සිටියහොත් ඒ සඳහා අවසර දියයුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එසේ අවසර ලබාදීමේදී එම සිරුර භූමදානය සඳහා රැුගෙන යන ස්ථානය, එය රැුගෙන යන ආකාරය, වළ දැමීමට වළ සකස් කරන ආකාරය ආදී කරුණු ගැන පුළුල්ව සාකච්ඡුා කළ යුතුව ඇති බැවින් මේ සම්බන්ධව අද (27 දා* දිනයේ ද තාක්ෂණික කමිටුව රැුස්වීමට තීරණය කර ඇත. ඒ අනුව ගනුලබන තීරණ ලබන සතියේ ප‍්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඳ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධානය යොමුකර කර තිබේ.

Diveina/27.Feb 2021