
මේ ඉන්නෙත් ලෝක රාඡ්‍ය නායකයෝ දෙදෙනෙකි
මෙම ඡායාරැප දෙක සුවිශේෂ ඡායාරැප දෙකකි. එකක ඉන්නේ 2014 සිට 2018 දක්වා ස්විස්ටර්ලන්තයේ ඡනාධිපති වු ඩයිඩර් බෲක්හාල්ටර්ය . ඔහු ඡනාධිපති කාර්යාලයේ සිට ගෙදර බලා යාමට දුමිරිය පැමිනෙන තුරැ බලා සිටී. අනෙකේ දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩි කැමරෑන්. කොහෝදෝ ගමනක් යනවිට දුමිරියේදී ගත් ඡායාරෑපයකි.
මෙම ඡායාරැප දෙකම අපිට ඉතා සුවිශේෂිය. මක් නිසාද අද අපේ රටේ වත්මන් දේශපාලකයෝද හිටපු දේශපාලකයෝද ඔවුනගේ ආරක්ෂාවට අපේ බදු මුදල් කෝටි ගණන් වියදමි කරමින් සිටින විට ලෝක නායකයන් දෙදෙනෙක් කිසිදු ආරක්ෂයෙක් නොමැතිව කලබල රහිතව පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීමට බලාසිටීම හා ගමන් කිරීම එරටවල් වලට සාමාන්‍ය දෙයකි.
කිසිදු මගියෙක් ඔවුන්ව ගනන් ගන්නේද නැත. ඔවුහු තමන්ට කියා විශේෂ ආරක්ෂාවක් ඉල්ලා නැත. ඔවුහු බොරැවට රගන්නේද නැත.
දේශපාලකයෝ නමි ඔවුනට තඩි කාර් සහ බෝඩිගාඩිලා සිටිය යුතුයැයි සිතීම අපිට තියෙන අපේ දුප්පත් දේශපාලන සංකල්පයකි. ඒවා වපුරවන්නේ අප ඡන සමාඡය විසින්මය. අපි අපිමය.
ස්විස්ටර්ලන්ත හිටපු ඡනාධිපතිට හෝ බ්‍රිතාන්‍ය හිටපු අගමැතිට ආරක්ෂාව අවශ්‍ය නැතයි සිතන්නේ එරට මහඡන විඥ්ඥානය මිස ඩයිඩර් බෲක්හාල්ටර් හෝ ඩේවිඩි කැමරෑන් නොවේ. ඔවුන් ඒ ඡන විඥ්ඥානයට අනුව හැසිරෙති. කටයුතු කරති. ඔවුන් පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන්නේ අපේ දේශපාලකයන් මෙන් බොරැ ෂෝ එකට මහඡනතාව රැවටීමට නොව. ඔවුන් පොදු ප්‍රවාහනයේ ගමන් කරන්නේ එය ඉතා උසස් ප්‍රවාහන සේවයක් බව එරට මිනිසුන්ගේ ඡන විඥ්ඥානය තුල තැන්පත්ව ඇති බැවිනි.ඉතින් ඩේවිඩි කැමරන් හෝ ඩයිඩර් බෲක්හාල්ටර් දුමිරියක් එනතුරැ බලාසිටිම හෝ කැමරන් බස් එකක යන එක ඒ රටේ ඡනතාවට මැඡික් එකක් නොවෙති.
අපේ දේශපාලකයාට අති නවීන වාහන, ආරක්ෂකයන් දෙතුන් සීය, වැසිකිලියට යන්නත් හෙලිකොප්ටරය මේවා අපේ දේශපාලකයාගේ අදහස් නොව. මේවා අපේ අදහස්ය. අපියි හිතන්නෙ දේශපලකයෙක් නමි එයාට ආරක්ෂාව ඕන… දේශපාලකයෙක් නමි එයාට යන්න එන්න හොද කාර් එකක් ඕන… දේශපාලකයෙක් නමි හදිස්සියට එයාට තියෙන්න ඕනහෙලිකොප්ටරයක්… එයාගෙ වටේට ඉන්න ඕන පුද්ගලික ලේකමිලා ගොඩක්. එයා ලස්සනට ඇදල කරල වටින මුදු දෙක තුනක් දාන්නත් ඕන මෙවයින් තමයි අපි අපේ දේශපාලකයා ගැන චිත්‍රය මවාගන්නෙ. අපි ඔක්කොම එහෙම හිතුවම ඒක නිර්මානය කරනව පොදු මහඡන විඥ්ඥානයක් එයා එහෙම ඉන්න එක හරි කියල. ඉතින් උනුත් ඊට පස්සෙ එහෙම හිතනවා. එහෙම ඉන්නවා.
නමුත් යුරෝපයේ මිනිසුන් දේශපාලනිකව සවිඥ්ඤානකයි. එයාල දන්නව දේශපාලකයෙක් කරන්න ඕන දේ සහ නොකරන්න ඕන දේ මොකක්ද කියල. ඒ ඡන විඥ්ඥානයට අනුව තමයි ඒ රටේ දේශපාලකය හැඩ ගැහෙන්නෙ. නැතිව ඩේවිඩි කැමරන්වත් ඩයිඩර් බෲක්හාල්ටර්වත් වුවමනාවෙන් මේ විදිහට හැසිරෙනව නොවෙයි. එයාලගෙ රටේ ඡනතාව එයාලගෙන් බලාපොරොත්තු වෙන විදිහ තමයි ඔක !
සටහන – Upali Jayasinghe.
Leave a Reply