2014 වසරේදී, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය ඇමරිකාව තුළ ගොඩ නැගීම සදහා යයි කියමින්, ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක්, ඉමාද් ෂා සුබේරී නම් අයට ලබා දීම සම්බන්ධයෙන්, මුදල් රාජ්‍ය ආමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර යන අයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

පෙත්සම ගොනු කර ඇත්තේ තීනියාවල පාලිත හිමියන් විසිනි.

අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයාව සිටි 2014 වසරේ දී, පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මෙම මුදල ඉමාද් ෂා සුබේරි නම් ව්‍යාපාරිකයාට ලබා දී තිබේ.

මෙම මුදල ලබා ගත් ඉමාද් ෂා සුබේරී සී.අයි.ඒ ඒජන්තයෙකු බව මෑතක දී වාර්තා විය.(Headline News)