ඔස්ටින් ප්‍රනාන්දු –

ඔස්ටින් ප්‍රනාන්දු

 

අදට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අවුරුදු දෙකක් ගතවී ඇතඑසමගින් වූ වෙනස්කම් රාශියකිජනාධිපතිවරයා හා රජය වෙනස්වීම සහ එහි  ප්‍රතිපලයකින් ව්‍යවස්ථාව සංශෝධනයක් වියඅවාසනාවකටකොවිඩ් 19 මුළු ලොවම බිලිගතිමේනිසා පාස්කු ප්‍රහාරය අඩු ප්‍රමුඛතාවයක් ලැබුවත්වින්දිතයින්ට එම සිද්ධියවත්ප්‍රතිපලවත් සුළුපටු නොවේපාස්කු සිද්ධීන් ප්‍රතිවිමසුමක්  පාස්කු කොමිසමේ වාර්තාව ජනගතවීමෙන් සිදුවුනි

ලෝක ඉතිහාසයේත් මෙවැනි සිද්ධි සංඛ්‍යාව විශාලයශ්‍රී ලංකාවේද මෙවන්ම සිද්ධීන්ගෙන් දහස්ගණනක් මියැදී ඇතබටහිර රටවල මෙන්ම නිසා හමුදාමයපරිපාලනදේශපාලන බලධාරීහු රාජකාරියෙන් ඉල්ලා අස්නොවුහඋසාවිගත නොවුහසටන් වැදුණු නිලයන්ට දෝෂ දර්ශනයන් – සාවද්‍යව හෝ නිරවද්‍යව – ජිනීවාහිදී ඉදිරිපත් කළවිටරජය ඔවුන්ගේ වගවීම ප්‍රතික්ෂේප කළේයඅදද කරයිතවද ත්‍රස්ත ගැටුමින් විවිධ වාර්ගීය පිරිස් දහස් ගණනින් නොයෙක් අන්දමින් මියැදුණු කළවගවීම ගැන ඝෝශා කලේ අතලොස්සකි     

මේ විනාශයන් සිදුවනුයේ ආරක්ෂක තීරණ දුබලතාඋපායමාර්ග බිඳවැටීමඅතපසුවීමඅවධානය හීනවීමආයතනික අක්‍රීයත්වය වැනි කරුණු නිසායපසුගිය දෑවුරුද්ද තුල පාස්කු ප්‍රහාරය නිසාම ආරක්ෂක හා දේශපාලන අංශ විවේචනය වියදැනට බොහෝ විවේචනය වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනහිටපු ආරක්ෂක ලේකම්හිටපු පොලිස්පතිආරක්ෂක අමාත්‍යංන්ශීය දෙටු නිලධාරීන්බුද්ධි හා පොලිස් නිලයන්ය.

ජනාධිපති සිරිසේන වෙනුවෙන් පෙනී සිටින්නෝ ප්‍රහාරයට කලින් එතුමා දැනුවත් නොවූ බව පවසතිප්‍රහාරය දත් කිසිවෙකු එකී තොරතුරු ජනාධිපති සිරිසේන සමග බෙදාහදා ගත් බව නොපවසතිඔහු ප්‍රහාරය දිව්‍යඥානයෙන් හෝ දැන සිටිබවට සැකයක් දේශපාලන හා ආගමික නායකයින් අදහස් කරන්නා සේයඅන් නිලයෝද නිදහසට සිය කරුණු දක්වති.

කෙසේවුවද,. ජනාධිපති ප්‍රහාරය නොදැන සිටියේය යන්න මතව්‍යසනය ප්‍රහාරයට ලඝුකිරීමට ජනතාව සූදානම් නැතප්‍රහාරයේ මුලඅග හාරා බලන්නට ඔවුන්ට අවශ්‍යයපාස්කු කොමිසමේ  වාර්තාවට බැහැරව ප්‍රහාරයට පෙර සිද්ධිවිශ්ලේෂණයක් අවශ්‍ය බවට කෙරෙන ඉල්ලීම් ඇසේඑය ඉටුකළොත් පෙර රජයන් සැම පිරික්සේ. ‘යහපාලනයට’ ප්‍රහාරය පැටවුවහොත් පෙර රජයන් “ගොඩය”. වාර්තාවේ පිටු 282 සිට 286 දක්වා වගුගත සිද්ධීන් සිරිසේන ජනාධිපතිතුමාගේ ධුරකාලයට ගැලපුමක් දක්වන්නේ කලින් රජයන් අමතක කරමිනි     

ආරක්ෂකබුද්ධි අංශ හා අන්තවාදීන්    

2021 මාර්තු දෙවැනිදා ‘ඩේලි මිරර්’ පත්‍රයට රනිල් වික්‍රමසිංහයන් කළ ප්‍රකාශ දෙකක් උපුටමි.  පළමුවැන්න නම්: “ගැටුම් කාලේදී මේ මුස්ලිම් කණඩායම් සමහරක් හා ආරක්ෂක ඒකක සමහරක් අතර  සහයෝගිතාවයක් තිබුනා.” දෙවැන්න නම්: “මම කම්පනයට පත්වන්නේ ආරක්ෂක අංශයට  සම්බන්ධිත යමෙක් කෙටි පාරෙන් යන විධිය දන්නවාකොහොම හරි සහරාන් හා කල්ලිය ආරක්ෂක පද්ධතිය දැනගෙන ඉඳලහැංගිලානොපෙනෙන්නට දුරස් වෙලා හිටියාමේක බොහොම කම්පනයට හේතුවන කරුණක්මොකද අනාගතයේදී ඒකම සිද්ධ වෙන්න පුළුවන් නිසා..”

රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයන්ගෙන් රටේ කලබැගෑනියක් ඇතිකිරීමට උත්සාහ කරතැයි කෙනෙකු පවසන්නට පිළිවනජනාධිපති ගෝටාබය රාජපක්ෂ  ගිරිබාවේදී කොමිසම් වාර්තාව (පිටු 306) උපුටමින් යහපාලනයට ඇඟිල්ල දිගුකරන්ට පෙර වික්‍රමසිංහයන් මෙසේ ප්‍රකාශ කළේජනාධිපති සිරිසේනට හිතවාදීවීමට නොවේඔහුගේ ප්‍රයත්නය ප්‍රහාරයේ වගවීම යහපාලනයට පමණක් ලඝුකිරීම වැළැක්වීමට වියහැකිය හැරත්,  ජනතා ඉල්ලීමවන ප්‍රහාරයේ මහමොලකරුවන්ට යුද්ධ / බුද්ධි “ඉතිහාසයක්” ඇති බව හෙවත් ප්‍රහාරයට හමුදා– අන්තවාදීන් හවුලක් ඉඟිකිරීමට වියහැකිය.       

වික්‍රමසිංහයන් තරමක් සත්‍ය කරමින් කොමිසමද අන්තවාදීන් සමග බුද්ධි අංශ සාමූහිකව ක්‍රියාකර ඇති අවස්ථා වාර්තා කරයිමීට” ඉතිහාසය” විශ්ලේෂණය අවශ්‍යයවාර්තාවෙන්ම උපුටතොත් පිටු 234 හයාතු මෝහමදු අහමදු මිල්හාන් ගැනඔහු 2006 දි  මිල්හාන් එල්ටීටියට එරෙහි සටනේදි ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ නියෝජිතයෙකු ලෙස  සේවය කරමින් සිටි  රාසික් මොහමඩ් ෆායිස් ගැනත්පසුව “මිල්හාන් පොලිස් ෆායිස් සමග ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ නියෝජිතයෙකු ලෙස සේවය” කළ බව පැවසේ.   

එසේම අහමඩ් ලෙබ්බේ මොහමඩ් නියාස් 1997 සිට ජිහාඩ් ව්‍යාපාරයේ සිටි බවත්, 2004 සිට හමුදා බුද්ධි අංශය සමග සම්බන්ධතා තිබුණු බව වාර්තාවේ පිටු 241 පැවසේ.  වාර්තාවේ 230- 234 දක්වා පිටුවල අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ් ඔස්ට්‍රේලියාවේදී “රැඩිකල්වාදී” වී, 2014 දී සර්ඵාස් නිලාම් සමග සමස්ත ලංකා තහුවිද් ජමාත්හි සම්බන්ධතා ගොඩනගාගෙනඅයිඑස් සංවීධානයට බැඳෙන්නට තුර්කියට ගිය බවත්, (231 පිටුවපැවසේපිටු 233දී  2016 දෙසැම්බරයේ සිට ජමීල්ව ආගමික අන්තවාදියෙකු ලෙස හමුදා බුද්ධි අංශ හඳුනාගෙන සිටි බව පැවසේ.   

රහස් පොලිසිය සහරාන් ගේ මස්සිනාවන අන්සාර් තොරතුරු සපයන්නෙකු ලෙස යොදාගත් බව කොමිසම  හෙළිකරයි. (පිටු 501). එහි කාල නිර්ණයක් නොදක්වන නිසා  හා වනාතවිල්ලු සිද්ධියට සම්බන්ධය නිසා සමහරවිට යහපාලන සමයේදීද මෙය සිදුවන්නට ඇතමේ අනුව සියලුම රජයන් “වරදෙහි” බැඳුණියයි චෝදනා කළ හැකිවේ.   

පාස්කු වාර්තාවේ තවත්  උපුටන කිහිපයක් අනුව අන්තවාදය පැටව්ගැසීම් ගැන පැවසිය හැකියි.  සයින්දමරුදුහිදී 26-4-2019 දින හමුදාව අතින් මියගිය අහමඩ් ලෙබ්බේ මොහමඩ් නියාස් බහරේනයට පලාගොස් සිට 2018 ශ්‍රී ලංකාවට පැමිණ ඇත. (පිටු 241) ඔහු ගැන පවසන කොමිසම ඔහු 1997 සිට කාත්තන්කුඩියේ ජිහාඩ් ව්‍යාපාරයේ සිටිබවත් 2004 සිට හමුදා බුද්ධි අංශ සමග සම්බන්ධතා පැවැත්වූ බවත් පවසයි.   

කොමිසමේ වාර්තාව 11 පිටුවේත් පසුව 16-17 පිටුවලත්  පූර්ව රැඩිකල්කරණයපෞද්ගලික අනන්න්‍යතාවය නිර්මාණයඅන්තර් ග්‍රහණය මගින් පියගැටානුසාරයෙන් ජිහාද්කරණය සිදුවන බව පවසයි. 2015 පෙර සිද්ධීන්වූ අලුත්ගමබේරුවලධර්ගා නගරයේ  ගැටුම් ඉස්ලාම් භක්තිකයන් ජිහාද්කරණයට පොළඹවන්නට ඇතකළහයන්ට උදාහරණ දිගනඅම්පාරේ හා ගින්තොට සිද්ධීන්ගෙන් තහුවුරුවේ.  පියගැටානුසාර න්‍යායාත්මකව බැලුවොත්, 2015 අන්තවාදී නොවුනෙකු 2016 අන්තවාදී ත්‍රස්තවාදියෙකු වීම, 2015 පෙර සිටම එවැන්නෙකු අන්තවාදීකරණයේ න්‍යායමූලයන්ගෙන් පරිනාම වීයයි සිතීමට පොළඹවයි. 

අපේ සමහර මුස්ලිම් දේශපාලන නායකයින්ට ‘මුස්ලිම් රැඩිකල්අන්තවාදීඅයිසිස් පාක්ෂිකව ක්‍රියාකළ’ බවට කොමිසම වාර්තාව නිකුත්වීමට පෙරත්පසුත් සංඝයා වහන්සේලා චෝදනා කරතිදේශපාලන වේදිකාවලත් මේ චෝදනා එල්ලවේඑහෙත් ලංකාවේ ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දුන් අය වශයෙන් මෙසේ විවේචකයින් විසින් හඳුනාගත් සමහරුන්ට දණ්ඩනයට කොමිසම දක්වන අඩු සැලකිල්ල විවේචකයෝ ප්‍රශ්න කරතිකෙරෙන විවේචන අනුව සැක පහළවන්නේයහපාලනය මෙන්ම කලින් සිටි සැම රජයන්ද,  සහරන් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන් ගැන කළ විමර්ශනවල දුබලකමින්,  ඔවුන්ට නිදැල්ලේ ශක්තිමත්වීමට ඉඩකඩ සැලසුනු බවය

වාර්තාවේ 13-14 පිටුවල  2006 දෙසැම්බර මාසයේ තව්හීඩ් අනුගාමිකයින් විසින් සුෆී නිවාස හා ආයතන 117 ප්‍රහාරයසුෆී ආධ්‍යාත්මක නායකයාගේ දේහය සොහොණෙන් ගොඩදැමීම, 2007 කාත්තන්කුඩියේ සිද්ධීන්, 2009 ජුලි මාසේ සුෆී පූජකයින්ට වූ හානි ආදිය විස්තර කෙරේ වගේම වාර්තාවේ 5 පරිච්චේදයෙහි ශ්‍රී ලංකාවේ වහාබ්වාදය ගැන දිග විස්තරයක් ඇතඑහි  2015  පසු යොමුකිරීම් සංසන්දනාත්මකව අඩුයඑහෙයින්ද  ඉතිහාසය” විමර්ශනය නිරවද්‍ය මාර්ගයක් වියහැකිය.  වාර්තාව  2015  පෙර  වර්ධනය වැළැක්වීමට ගත් උත්සාහ විස්තරාත්මකව නොපැවසන්නේ ඔවුන්ගේ අන්තවාදී පෝෂණය රජයන්ට ගැටලුවක් නොවූ නිසාදනැත්නම් අන්තවාදීන් කොටින්ට එරෙහි මෙහෙයුම් සඳහා වටිනා වත්කමක් නිසා එරෙහිවීමට  අක්‍රීයශීලීවූ නිසාද යන ප්‍රශ්න මතුවේ.

වාර්තාවේ පිටු 72 අනුව 2015 ජුලි මාසය වනවිට ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු සිරියාවට ගිය බව රාජ්‍ය බුද්ධි සේවය අනුව නිරාවරණය වේමීට කලින්දමෙසේ විදේශගතවීම් සිදුවී ඇතඑසේ සිදුවූ විගමන පසුවිපරමක් සඳහා ගත් පියවර කුමක්ද යන ප්‍රශ්නයද  කෙනෙකුට සිහිවේ

වාර්තාවේ 82 පිටුව “2009 වනවිට සහරාන් සහ ඔහුගේ අනුගාමිකයින් සතුව ටී 56 ආයුධ කිහිපයක්” තිබුණු බව කියවේ   2015 පෙරයිහමුදා සඳහා පමණක් ආනයනික ටී 56 රැවුල කපන රේසරයක් මෙන් මිලදී ගත නොහැකියි නිසා ටී 56 ආයුධ ගැන සිතනවිට රනිල් වික්‍රමසිංහ සැකකරන අන්දමින් හමුදා බුද්ධි සම්බන්ධතා මගින්  ලැබුනේදඅයිසිස්  අන්තර්ජාතික ජාලයෙන් ලැබුනේදවෙනත් මූලාශ්‍රයකින් ලැබුනේදරේගුවෙන් හොරෙන් ගෙනාවේද වැනි ප්‍රශ්න මතුවේකුමන අන්දමින් ලැබුනද එය අදාළ  රජයන්ගේ දෝෂයකි.   

සහරාන් වෙනත් මුස්ලිම් කණ්ඩායම්වලට තර්ජන කිරීම් ගැන නැගෙනහිර පළාතේ හමුදා ආඥාපති මේජර් ජේනරාල් ලාල් පෙරේරා ප්‍රතිචාර වී ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියාවලීන්ගෙන්  වලකින ලෙස ඔහුට “අවවාද” කිරීමෙනි. (පිටු අංක 84). මෙම හැසිරීම එකල රජය සහරාන් වැන්නවුන් “හුරතල්” කරන මට්ටමකට පත්වී සිටියේදැයි සැක උපදවයි.  මේවන් සිද්ධීන් නිසා අන්තවාදය සරුවුවද එයට වගකිවයුත්තන් ගැන කොමිසමේ නිගමන හෝ නිර්දේශ සැර බාලවී ඇතඑවන් ක්‍රියා හා පුද්ගලයින් කෙරෙහි දයානුකම්පාවක් කොමිසම දක්වා ඇතැයි විවේචනය කළහොත් එරෙහිවීමට අපහසුය.

පාස්කු වාර්තාව ආචාර්ය රොහාන් ගුණරත්නගේ ප්‍රකාශ විශ්වාසයෙන් උපුටයිඔහු 2015 පෙර ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් දුන් බව සත්‍ය නම්, 2015 කලින් අයිසීස් ප්‍රචලිතයඑමෙන්ම 2009 වනවිට සහරාන් කණ්ඩායම ළඟ ටී– 56 ආයුධ තිබීමසහරාන් වහබ්වාදය දිගටම පතුරුවන විට, 70, 71 පිටුවල සඳහන් වන මොහමඩ් මුහුෂින් ඉෂාක් අහමඩ්මොහමඩ් යුනිස් මොහමඩ් අමීන්මොහමඩ් සුහීර් මොහමඩ් අරූස්මොහමඩ් මුහුසීන් සර්ෆා නිලාම් වැන්නවුන්ගේ ක්‍රියාකාරකම්ඔහුගේ විශේශඥ ඥානය මෙහෙයවා වලක්වන්නට මැදිහත් වුයේ නම් සමහර විට පාස්කු ප්‍රහාරය නොසිදුවන්නට ඉඩ තිබුනියි යමෙකුට තර්කකළ හැකියි. “මා ආරක්ෂක විධායෙකු නොවීය” යයි රිංගායාමට ඔහුට හැකියඑවිටවිධායක බලධාරීන්ගේ අක්‍රීයත්වය හෙළිවේ

මහමොලකරු සැඟවී සිටීදසඟවලාද?

මුලින්ම කිවයුත්තේ “මහමොලකරු”(mastermind) වචනය මුළු වාර්තාවේම ඇත්තේ තුන්පොලකය. 143, 528 හා 402 හියමුල් දෙපල බංග්ලාදේශ අවන්හලට බෝම්බ ගැසූ සිද්ධිය අලලායතුන්වැන්න  402 පිටුවෙහියඑහි උපුටනය:.   

පාස්කු ඉරිදා දින ප්‍රහාරයේ මහමොලකරු ලෙස කටයුතු කළ වහබ්වාදියා වන සහරාන් වර්ෂ 2009 සිට නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශයේ දේශනා පවත්වමින් ඔහු විසින් අනුදක්නා ලද ඉස්ලාම් අන්තවාදය පතුරවමින් සිටියේය

මේ කිසිවෙකුගේ සාක්ෂ්‍යක් නොවසහරාන් හඳුන්වන කොමිසමේ ස්වාධීන මතයයිසහරාන් වහාබ්වාදය පැතිරවීම දිගුකල් කල්ක්‍රියාවකිඑහෙයින් උපුටනයේ වැදගත් නිගමනය නම් ‘සහරාන් මහමොලකරුවූ බව’ කොමිසම නිශ්චය කිරීමයිමහ මොලකරුවෙකු වාර්තාවෙන් හෙළි නොවෙතැයි කාර්දිනල්තුමාරජයේ / විපක්ෂයේ ප්‍රකාශකයින් පවසන්නේවාර්තාවේ මේ උදෘතය පරිස්සමින් නොකියවා යයි සිතේ. .

එහෙයින් මහමොලකරු ගැන මුල් ප්‍රශ්නයට පිළිතුර වන්නේ “නොදනී” කියාය නිසාම  සමහරු අන් අයට “මහමොලකරු”, “දැනුවත්කරු,” “නියම මහමොලකරු” ආදී චෝදනා ඉදිරිපත් කරතිඑය වත්මන් ජනාධිපතිට (ටැමිල් ගාර්ඩියන් 14-5-20, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී එස්ශ්‍රීධරන් උපුටමින්), හිටපු ජනාධිපතිට (කාදිනල්තුමා උපුටමින්හා පොදුවේ සියල්ලන් විසින්ම අයිසිස් හා සම්බන්ධ මුස්ලිම් දේශපාලඥයින්ට චෝදනා එල්ලකෙරේ

සැනසීමකට මෙන් සරත් වීරසේකර ඇමතිතුමා මහමොලකරුවන් වන්නේ නෞෆර් හා හජ්ජු අක්බාර් නම් න්‍යායාචාර්යවරුන් සොයාගත් බව පවසයි.  ඉස්ලාම් ආගමික සංවිධානවල ප්‍රමුඛ ක්‍රියාකාරීන් වූ හෙයින් මෙසේ සොයාගැනුනේයි සිතිය හැකියඔහු වාර්තාවට අනුගත වෙමින්වික්‍රමසිංහයන්ගේ නිර්මාණයෙන් හමුදාව බේරා ගනියි.

පසුගිය ඉරිදා (18/4/21) කාදිනල්තුමා පැවසුවේ ‘එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය පාවිච්චි කරමින් තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගැනීමට වෙරදැරූ පිරිසක්’ කියායි.  එය පිලිගන්නේනම් රනිල් වික්‍රමසිංහයන් සමහරවිට පැවසීමට තැත්කරන හමුදාබුද්ධි සම්බන්ධතා හෝ වීරසේකර ඇමතිතුමා පවසන න්‍යායාචාර්ය සම්බන්ධය හෝ කොමිසම දැඩිව ඉදිරිපත් කරන වහබ්වාදී අන්තවාදීන්ට අමතරව තවත් ප්‍රහාරක කණ්ඩායමක් වේදිකා ගතවේඑසේනම් අලුතින්ම මහමොළකරුවන් සෙවීමටද සිදුවේදේශපාලනය ගෑවෙන හෙයින් මෙම විමර්ශනය දේශපාලනඥයන්ගෙන් තොර කණ්ඩායමක් කළ යුතුවේනැවත මෙවන් ප්‍රහාරයක් නොවීම රාජ්‍යාරක්ෂාවට වැදගත් හෙයින් මෙය ඉක්මනින්ම සිදුවිය යුතුවේ  මියැදුණු අන්තවාදීන්ට අමතරව තවත් අන්තවාදීන් සිටිය හැකි හෙයින් වීක්‍රමසිංහයින් පැවසූ “මොකද අනාගතයේදී ඒකම සිද්ධ වෙන්න පුළුවන් නිසා.” යන්න සිදු නොවියයුතු හෙයිනි.  

ප්‍රහාරයට අන්තර්ජාතික බන්ධන

ප්‍රහාරයට අන්තර්ජාතිකය සම්බන්ධ කිරීමට ප්‍රයත්නයන්ද දරා ඇතඒවා පිළිගතහොත් මහමොලකරු විදේශයක වුවද සිටිය හැකිය.  2021 පෙබරවාරි 21 දින ටැමිල් ගාර්ඩියන්හි වාර්තාවකින් බීබීසී සිංහල සේවය සහරාන් මහමොලකරු නොවෙතියිදහිටපු පා..වෛද්‍ය නලින්ද ජයතිස්ස උපුටමින් ඉන්දියාව ප්‍රහාරයට ගාවන්නට ඉඟි කරයි අනුව අන්තර්ජාතික බලවේග හෝ අන් සිද්ධීන් හෝ ප්‍රහාරයට හේතුවුවාද යන්න  විමසීමට පෙළඹේඑහෙයින්මෙම ප්‍රකාශයද දේශපාලන කලබැගෑනියකට විවරයක්ද  විය හැකියකෙසේවුවත්එය මහමොලකරු සෙවීම තවත් සංකූල කරයිඑහෙයින්ම මේවා පරිස්සමින් සැලකිය යුත්වේ   

අන්තර්ජාතිකය ප්‍රහාරයට ගෑවෙන පාස්කු ප්‍රහාරය ගැන විකල්ප අර්ථකථන කිහිපයකි   

  • චීනයේ “බෙල්ට් ඇන්ඩ් රෝඩ්” (බීආර්අයිව්‍යාපෘතිය පාදකව ප්‍රහාරය ශ්‍රී ලංකාවේ සිදු කළබව පැවසේ. 2019 මාර්තු 13දා පකිස්තානයේ ග්වදාර්වල බීආර්අයි ව්‍යාපෘතියක දසදෙනෙකු මරාදැමීමකරච්චියේ චීන කොන්සල් කාර්යාලයකට ‘බලුකිස්තාන් ලිබරේෂන් ආමි’ ප්‍රහාරය  ඇෆ්ගනිස්තානයනිකරගුවාමියන්මාර්හි චීන ව්‍යාපෘති ආශ්‍රිතව විරෝධතා අනුව යමින් මේ ප්‍රහාරය ‘පෝර්ට් සිටි’ ව්‍යාපෘතියේ අස්ථාවරබව හෙලිකිරීමට යමෙකුට අවශ්‍යතාවයක් වීම
  • 2050දී චීනය ලෝකයේ වැඩිම ක්‍රිස්තියානි ලබ්ධිකයින් සිටින රට වෙතැයි අදහසකි. (එමැනුවෙල් පියෙට්‍රොබොන් ‘ප්‍රව්ඩාහි). ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ චීනය සමග සම්බන්ධතා සාමාන්‍යකරණයට හා බීආර්අයි ව්‍යාපෘතියට ඉතාලිය බද්ධකිරීමට රාජ්‍ය තාන්ත්‍රිකව දක්වන උනන්දුවට ඍනප්‍රතිචාරවීමට   
  • පිලිපීන –ඇමෙරිකා දිගු කාලීන යුදමය සම්බන්ධතා අතහැර 2016 දී චීනය දෙසට හැරෙන්නට තර්ජනයක් පිලිපීන ජනාධිපති දැක්වූවිට අයිසිස් ත්‍රස්තයෝ මරාවි නගරයේ ප්‍රහාරයක් කළහඅයිසිස් ප්‍රභවයටවෘද්ධියට බලගතු ජාතීන්ගේ සබඳතා තිබුණි. (උදඇමෙරිකාවඊශ්‍රායලයසවුදි අරාබිය, CIA ආයතනය). පිලිපීනයේ මෙන් අපටද වැඩිදියුණුවන  ශ්‍රී ලංකා– චීන මිත්‍රත්වයන් නිසා වින්දිතයන් බවට පත්කිරීමේ අවශ්‍යතාවය.   
  • නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය ඉස්ලාම් භක්තිකයන්ට එරෙහිව නිසා ලංකාවේදී ක්‍රිස්තියානීන්ට එල්ල කළබව පැවසුනද (පිටු 151) , නවසීලන්තය මෙය ප්‍රතික්ෂේප කළායතවදවිස්තීර්ණවසූක්ෂ්මව කළ පාස්කු ප්‍රහාරය  සිද්ධි දෙකේ කාල පරාස අන්තරය කෙටිහෙයින්ද  නොපිලිගැනුනි.   
  • අයිසිස් බලය ඉරාකයේ හා සිරියාවේ බෙලහීනවීම නිසා අන් කලාපයක බලය තහුවුරුවට 2012දී පමණ පෙළඹීම
  • තරු පහේ හෝටල් තෝරා බේරා ප්‍රහාරයට ලක්කිරීමද බටහිර වැසියන් හෝටල්වල ගැවසෙන නිසායි තර්කයකි.   
  • අයිසිස් ව්‍යාපාරය නිසා පුළුල් අනතුරකට අප කලාපය මුහුණපායිකාශ්මීර හා පකිස්තානය අතර ‘විලෙයත්  හින්ඩ්’, ඇෆ්ගනිස්තානය හා පකිස්තාන් මායිමේ ‘කොරසාන්’, බංග්ලාදේශයේ ‘ජමාත් උල් මුජහිදීන් බංග්ලාදේශ්’, මියන්මාරයේ ‘අරකන් රෝහින්ග්‍යා සැල්වේෂන් ආර්මි’ ආදියද මීට සමානයිඇෆ්ගනිස්තානය අනාගතයේදී අයිසිස් මධ්‍යස්ථානයක් වේදැයි සමහරු සැක පහල කරතිඉන්දියාව  හා පකිස්තානය හරහා අයිසිස් ප්‍රහාර සිදුවේද කියා සැකයකිඑහෙයින් මෙය කලාපීය සංසිද්ධියක එක් පුරුකක්ද?

මේනිසා පාස්කු ප්‍රහාරයට පසුබිම් අර්ථකතන සංකූලයඋදාහරණයකට චීන විරෝධයදඅයිසිස් බල ව්‍යාප්තියදඇමෙරිකානු හෝ ඉන්දියානු දේශපාලන බල ව්‍යාප්තියේ අතුරුපලයන්ද , ඔවුන්ගේ දේශීය ප්‍රතිපත්ති ආදී සංකූලතා ඇතනිශ්චිත හේතු විශ්ලේෂණයක් මගින් මහමොලකරුද තීරණය වියයුතුය

නෞෆර් – අක්බාර් මහමොලකරුවන්වීම        

සරත් වීරසේකර ඇමතිතුමන් වුවද න්‍යායාචාර්යවරුන්වූ නෞෆර් හා හජ්ජු අක්බාර් මහමොලකරු ලෙස තෝරාගත්තා (කලම්බුපේජ්-6-4-2021) මිස එය පාස්කු වාර්තා පදනමින් නොවේ.  එහෙත් මහමොළකරු සහරාන් යයි පැවසූ කොමිසම, ‘නිගමන’ පරිච්චේදයේදී එසේ සටහනක් නොකරනෞෆර්ගේ  නම අන් නම් දොළහක් සමග වරක් පමණක් සදහන් කරයිනිර්දේශ පරිච්චේදයේ වරක්වත් නෞෆර් නම සඳහන් නොවේ. 18 පරිච්චේදයේ නෞෆර් නම 28 වරක් ඇතත් මහමොලකරු බව නොපවසයි.

හජ්ජුල් අක්බාර් පාස්කු ප්‍රහාරයට නොව ඉස්ලාමීය රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කුමන්ත්‍රණයට එරෙහිව නීති මගින් කටයුතුකිරීමට කොමිසම නිර්දේශ කර ඇතඔහු ගැන වාර්තාවේ සඳහන් වන්නේ පරිච්චේද 3 (එකවරක්), 18 (18 වරක්), 31 (එකවරක්පමණි. 18 පරිච්චේදය පුරාම පාස්කු ප්‍රහාරයට නොව ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය තුල අක්බාර්ගේ ක්‍රියාකාරකම් හා ඔහුගේ චින්තනය විස්තරාත්මකව පැවසේප්‍රහාරයට ඔහුගේ ඍජු පුරුකක් සඳහන් නොවේඔහු හැර අන් අයද මේ වහාබ්වාදී පරමාර්ථයෙන් ක්‍රියා කළ බවද 18 පරිච්චේදයෙන් හා අන් තැන්හි පෙනේඑහෙත් ඔවුන් මහමොලකරුවන් ලෙස සහරාන් ගැන මෙන් කොමිසම වාර්තා නොකරයිමෙවන් දෙදෙනෙකු මහමොලකරුවන් ලෙස ඇමතිවරයා ප්‍රකාශ කිරීමට ඉඩක් ඇත්තේ කොමිසමට හා ජනතාවට නොමැති අන් රහස්‍ය තොරතුරු එතුමාට ඇති නිසාවන්ට ඇතනැතිනම් හිතළුවකි.

වාර්තාවේ 16 පරිච්චේදය ප්‍රහාරයට සම්බන්ධවූ සහරාන් හැර ප්‍රධාන චරිත දහයක් ව්‍යාපාරයට සම්බන්ධවූ අයුරු දක්වයිඉන් නෞෆර් සහරාන් කණ්ඩායමේ දෙවනියාදන්‍යායාචාර්යදඉස්ලාමීය රාජ්‍යය පිලිබඳ ප්‍රමුඛ දේශක පුහුනුකරුවෙකුද වීයඉල්හාම් ශැන්ග්රිලා ප්‍රහාරයෙන් සහරාන් සමගින් මියගොස්යජමීල් දෙහිවලදීදහස්තුන් කටුවපිටියෙහිදීදඅසාද් මඩකලපුවේ සියොන් පල්ලියේදීදමුබාරක් කින්ස්බෙරි හෝටලයේදීද මියගොස්යරිල්වාන්ෂයිනි හා නියාස් සෛන්ත්මරුදු පිපිරීම්වලදී මිය ගොස්යනෞෆර් හා මිල්හාන් අත්අඩංගුවේයඑහෙයින් නෞෆර් හා කොමිසමෙන් අධිකරණයට  ගෙනයාමට නිර්දේශිත හජ්ජුල් අක්බාර් මහමොලකරු කිරීම පහසුවී ඇත.

වාර්තාවේ 7 පරිච්චේදයේ සහරාන්ගේ මුල් වකවානුව ගැන පවසයිසහරාන් කාත්තන්කුඩියේදී  නවුෆර් මෞලවී හඳුනාගනී. (පිටු 79).වාර්තාවේම 225 පිටුවේත් 2004 දී ඔවුන් නැවත හමුවේ.  2009 වනවිට සහරාන් ජාතික තහුවිඩ් ජමාත් පිහිටුවාගෙන තිබුණිවාර්තාවේ පිටු අංක 225 අනුව 2008 සිට 2016 දක්වාම නවුෆර් කටාර්වල සිටි හෙයින් සහරාන්ට අන්තවාදී හා අයිසිස් ත්‍රස්තවාදී පෝෂණය නෞෆර්ගෙන් ඍජුව ලැබීම  සැක සහිතයිතවද මේ දෙපොළ 2009 වන විට විරසකද වුහ.  (81 පිටුව). සමහරවිට විරසකය රැවටීමක්දයි සැකයකි .

සහරාන් පාක්ෂිකයින් ගැන විමර්ශන හෝ පරීක්ෂණ නොකිරීම හා අක්‍රීයශීලීවූ ආරක්ෂක යාන්ත්‍රනය පාස්කු ප්‍රහාරයට පසුතලයෙන් බලපෑ ඇතිමුත්කොමිසම යහපාලන යුගයේ අඩුපාඩු උලුප්පා දැක්වීයබලධාරීන් දැක්වූ මුක්තභාවය නිසා සහරාන් ක්‍රමයෙන් බලවත්වීයයි උපගමනය කළ හැකියඔහුගේ මැදිහත්වීම ඉස්ලාමීය මනස දැඩි පෝෂණයට ලක් කිරීමටදසිංහල සංවිධානප්‍රකාශන හා පුද්ගලයින්ට එරෙහිවීමටද ඉස්ලාමීයන්ව පොළඹවන්ට ඇත.  මේ සියල්ල 2019 අප්‍රේල් 21 දින සිද්ධියෙන් පමණක් පුපුරා ගියා සේ සැලකීමේ සාධාරණත්වය ප්‍රශ්නාභිමුඛය.

එමෙන්මවාර්තාවේ නවුෆර් මෞලව් සහරාන් හසුරුවන්නා නැත්නම් මහමොලකරු වීයයි නොකියවේසහරාන් හා මෞලව් කිට්ටු සම්බන්ධයක් තිබුණු බව සත්‍යයයිඔහු පුහුණු හා රැස්වීම් සංවිධානයට සම්බන්ධවූ බව පිටු 235න් පෙනේසමහර විට සහරාන්ගේ භාර්යාව හෝ අන් කිට්ටුවන්තයෙකු දුන් රහස්‍ය ප්‍රකාශ මත කොමිසම පෙරකී නිගමනයට ආවේයැයි සැක කළොත්එය වාර්තාවේ නිගමන වලට ඇතුලත් නොකිරීමෙන් තොරතුරු ගවේෂණ අගය දියාරුකරයි.

මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්,  සහරාන් හා ඉතා කිට්ටුවෙන් සිටියේය. 229 පිටුව අනුව “සහරාන්ගේ කණ්ඩායමේ ප්‍රධාන අරමුදල් සපයන්නෙකු වූ ඉල්හාම් සමග ඔහුගේ සහෝදර ඉන්ශාෆ්  වීය” ලෙස සටහන්වී තිබේසිරියාවට මුදල් යැවීම ගැන දෙදෙනා සාකච්චා කළ බව පෙනෙන හෙයින්ද දෙදෙනා අතර හිතෛෂීභාවය නවුෆර්ට වඩා ආසන්නයයි සැක කළ හැකියමුදල් කතාකරන හෙයිනි!

පිටු 231 අනුව 2019 මුල් භාගය වනතුරුම සහරාන්ට අයිසිස් සංවිධානය සමග තිබු සම්බන්ධතා පුරුක අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ් බව වාර්තාව පවසයිඅයිසිස් බලපෑම නිසා ඔහුද සහරාන් මෙහෙයුමට ඉඩක් තිබේ.    සහරාන්ගේ පුහුණු කඳවුරුවලදී ආයුධ පුහුණුකිරීම් කළ හයාතු මෝහමදු අහමදු මිල්හාන් සහරාන්ගේ  කිට්ටුවරයෙකු වීය.  මේ විධියට බැලුවිට නවුෆර් හැර අන් කිහිපදෙනෙකුමත් සහරාන්ව මෙහෙයවීමට අවකාශයක් වීයයි සිතේ         

අවසානය

පාස්කු ප්‍රහාරයේ මහමොලකරු නම්කිරීමට කාදිනල්තුමාත්විපක්ෂයත්මාධ්‍යයත්පොදුවේ ජනතාවත් ඉල්ලීම් කරතිජනාධිපති සිරිසේන කොමිසමට දුන් අධිකාරයේ අංක 9 මගින් සියලුම පාර්ශවකරුවන් සොයාගැනීමක් අපේක්ෂිත වුවද කොමිසම ඍජුව මහමොලකරු ගැන (402 පිටුවේ හැරසඳහන් නොකරන නිසාකොමිසම් වාර්තාවෙන් ප්‍රයෝජන ගෙන හෝ නොගෙනමෙකී අංශ තෘප්තිමත් කිරීමට “මහමොලකරුවෙකු” කෙසේ හෝ අධිකරණයට ගෙන යායුතුය” යන පීඩනයට බලධාරීන් ලක්වී ඇත්දැයි නොදනිමු

ඒෂියන් ට්‍රිබියුන්හි ලියමින් ලසඳ කුරුකුලසූරිය “නම් නොකරන ලද ඇමෙරිකන් තානාපති කාර්යාලීය නිලධාරියෙකු බදාදා පුවත් කලාවේදීන් කණ්ඩායමකට පවසා ඇතැයි වාර්තාවන්නේ දිවිනැසුණු ප්‍රහාරකින්ගේ දුරකථන එෆ් බී අයි විමර්ශකයින් විශ්ලේෂණයට භාරගෙන ඇති බවයි” පවසයිමෙය සත්‍ය නම්විශ්ලේෂිත තොරතුරු විමර්ශකයින්ට නොලැබුනොත් ප්‍රහාරකයින්ගේ මහමොළකරුවන් හඳුනා ගැනීම කෙදිනකවත් සිදුනොවනු ඇතසයිඩ් නක්වී නම් ඉන්දීය විචාරකයා පාස්කු ප්‍රහාරයෙන් පසු ‘ ඉකොනොමික් ටයිම්ස්’ හි පැවසුවේ ව්‍යසනයක් වූ විගසම බලවත් බුද්ධි අංශ සහායට පැමිණකලක් තිස්සේ උපදෙස්දීඅභ්‍යන්තරයට කිඳාබැසප්‍රතිපත්ති සැදීමට බලපාන බවයිඅපට අන්තර්ජාතිකයෙන් මෙය සිදුවීම නිසා මහ මොළකරුවන් සොයාගැනීම “කඩාවැටී” හෙවත් “අලවී” ඇත්දැයි සැකයකි

බුද්ධි තොරතුරු කළමනාකරණය යනු කෛරාටික ක්‍රීඩාවකිකොමිසමට මහමොලකරුවෙකු නිත්‍ය ලෙසම සොයාගැනීමට නොහැකිවූයේ මේ නිසාමදැයි දන්නේ දෙවියන් පමණි.  එමෙන්ම විදේශවලින් පැමිණ විමර්ශන පැවැත්වූ සියලුම බුද්ධි ආයතන හා මුල්වූ රටවලට (අමෙරිකාවඊශ්‍රායලයඉන්දියාවබ්‍රිතාන්‍යඅයිසිස් හා ඉස්ලාමීය ත්‍රස්තවාදය සමග ඔවුන්ගේ රටවල ගැටළු තිබුණු හෙයින්අප මහමොලකරුවන් සෙවීමට වඩා ඔවුන්ගේ දත්ත පදනම ශක්තිමත් කරගැනීමේ ආත්මාර්ථකාමී අභිලාෂයෙන් ක්‍රියාකළා නිසැකයමොවුන්ට අයිසිස් සමග බුද්ධි ගනුදෙනුද තිබුණු බව දනිමු

කෙසේවුවදවික්‍රමසිංහයන්වීරසේකර ඇමතිතුමන්කොමිසමහා දැන් කාදිනල්තුමන් කරන නිරාවරණයන්පිළිවෙලින් හමුදාඅන්තවාදීන්වහාබ්වාදීන්දුබල ආරක්ෂක පිලිවෙත් හා දේශපාලනඥයින්ගේ බල තන්හාව පාදකව මහමොලකරුවන් සෙවීමට රජය පොළඹවයිමේ තත්ත්වය සියලුම බලධාරින් අසීරුවට පත්කරයිඔවුන්ගේ ප්‍රකාශ පරස්පර කරයිවිශේෂයෙන්ම කාදිනල්තුමාගේ ඉරිදා ප්‍රකාශය බලතන්හාධික සියලු දෙශපාලනඥයින් අසීරුවට පත්කරයිදේශපාලනඥයින් ගෑවුණු පසු නියම මහමොලකරුවන් සොයාගැනීම පිළිබඳව විශ්වාසයක් තබා ගැනීමට කිසිවෙකු ඔට්ටු නොඅල්ලනු ඇතබලධාරීන් මහමොලකරුවන් කිරීමට විමර්ශකයින් බිය හෙයිනියම්හෙයකින් එවන් මහමොලකරුවෙකු සමුවුනොත් එය බොහෝවිට අවතාරයක් ලෙසින් පමණි. (Colombo Telegraph)