ඡාායරූපය: සයිනොවැක් යනු සයිනොපර්ම් එන්නත නිශ්පාදනය කරන චීන රාජ්‍ය සමාගමයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර නැති Sinopharm  සයිනොපර්ම් නම් චීනයේ නිපදවන ලද කොව්ඩ් වැක්සීනය ශ්‍රී ලංකාවේ භාවිතයට අවසර දුන් අන්දම හෙළ කළ නොහැකි යැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
එම එන්නත අනුමත කරන ලෙස ඇතිවූ බලපෑම් හමුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදු වූ අතර මෙම අනුමත කිරීම සිදුව ඇත්තේ ඉන් පසුව එම තනතුරුවලට ආන්ඩුව විසින් පත් කරන ලද වෛද්‍යවරුන් විසිනි.‍
චීන කොවිඩ් – 19 එන්නත සඳහා අනුමැතිය ලබා දුන් ආකාරය ප්රසිද්ධියට පත් කරන්නැයි ඉල්ලමින් TISL ආයතනය ගොනු කළ තොරතුරු ඉල්ලීම (RTI) ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් ප්රතික්ෂේප කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ට්‍රාන්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කියයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්රකාශ කර ඇත්තේ, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ (RTI) වගන්ති කිහිපයක් යටතේ එම තොරතුරු ලබා නොදී සිටීමට හැකි බැවින් අදාළ තොරතුරු නිකුත් කිරීමට ඔවුන්ට හැකියාවක් නැති බවයි.
චීන කොවිඩ් – 19 එන්නත භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් TISL ආයතනය නැවත වතාවක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත තොරතුරු ඉල්ලීමේ අභියාචනයක් ගොනු කරනු ලැබ තිබේ.
අවශ්‍ය තොරතුරු චීන රජය විසින් ලබා දුන්හොත් මේ සතිය අගවන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සයිනොපර්ම් එන්නත අනුමත කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. රුසියානු ස්පුට්නික් එන්නත ලබන පූ්ලි මාසය දක්වා අනුමත නොකෙරනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සයිනොපර්ම් එන්නතනිශ්පාදනය කර ඇත්තේ බරබතල රෝග ලක්ෂන නොමැතිව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට නිරාවරණය කිරීම සඳහා උක්‍රීය කරන ලද වෛරස් අංශු භාවිතා කිරීමෙනි. එය මේ කතාක් දුරට බොහෝ එන්නත් නිශ්පාදනය කරන ලද ක්‍රමය වේ.

සංසන්දනය කිරීමේදී බටහිර රටවල නිශ්පාදනය කර ඇති  මෝඩර්නා සහ ෆයිසර් එන්නත් mRNA  නම් නව ක්‍රමවේදය අනුව සකස් කැරේ.  මෙයින් අදහස් කරන්නේ සමස්ත වෛරසයම නොවන කොරෝනා වයිරසයේ ජාන කේතයේ කොටසක් ශරීරයට එන්නත් කර ශරීරයෙහි වෛරස් ප්‍රෝටීන සෑදීම ආරම්භ කරවීමයි.

(SLB)