ඉන්දියාවේ පැතිර ඇති කොවිඩ් ප්‍රභේදය (B.1.617) කොළඹ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගෙන් හඳුනාගෙන ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් විවිධ රටවල වෛරස ප්‍රභේද හමුවන ආකාරය දැක්වෙන නිවේදනයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් නිකුත් කර තිබෙනවා.