
ලංකාවේ එකිනෙකට වෙනස් කොරෝනා ප්‍රභේද 5ක් – පැතිරී ඇති ප්‍රදේශ මෙන්න
ඉන්දියාවේ මේ වන විට ව්‍යාප්ත වන ප්‍රභේදය අද මෙරටින් වාර්තා වුණා.
ඒ කොළඹ නවලෝක රෝහල ආශ්‍රිත කොරෝනා මධ්‍යස්ථානයෙන්.
ඒ සමගම වෛරසය පිළිබඳ පර්යේෂණ සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර ගේ අත්සනින් යුතුව ලිපියක් නිකුත් කර තිබෙනවා.
එහි මෙරට පවතින වෛරස ප්‍රභේද හා ඒවා ඇතුලත් ප්‍රදේශ දක්වා තිබෙනවා.
ඒ අනුව ලිපියේ සඳහන් ආකාරයට වෛරස ප්‍රභේද පවතින ප්‍රදේශ පහත පරිදි වනවා.
බ්‍රිතාන්‍ය ප්‍රභේදය – කොළඹ නගරසීමාව,හෝමාගම,බොරලැස්ගමුව,පොල්පිතිගම,නිකවැරටිය,ගනේවත්ත,අඹන්පොල,අගලවත්ත, පිඹුර, පානදුර, මහනුවර ., හිඟුරක්ගොඩ,මැදිරිගිරිය හා මන්නාරම නගරය
යුරෝපා හා මැද පෙරදිග ප්‍රභේදය – යාපනය නල්ලුර් පොකුර
ශ්‍රී ලංකා ප්‍රභේදය – බණ්ඩාරගම හා කොළඹ
ඉන්දියානු ප්‍රභේදය – නවලෝක රෝහල ආශ්‍රිත නිරෝධායන මධ්‍යස්ථානය
දකුණු අප්‍රිකානු ප්‍රභේදය – නවලෝක රෝහල ආශ්‍රිත නිරෝධායන මධ්‍යස්ථානය
Leave a Reply