ජෙරුසලමේ හටගත් ගැටුම්වලින් පලස්තීනුවන් සියගණනක් හා ඊශ්‍රායල පොලිස් නිලධාරීන් විස්සකට වැඩි ප්‍රමාණයක් ද තුවාල ලබා තිබිණි.

අලුතින් ප්‍රචණ්ඩ ක්‍රියා මතුවූයේ මාස කිහිපයක් පුරා පැවති උණුසුම් තත්ත්වයකින් අනතුරුව වුවත් ඊශ්‍රායල – පලස්තීන ගැටුම දශක ගණනාවක සිට ඇදී එන්නකි.

ගැටුම ඇරඹුණේ කෙසේද?

Bethlehem in the early 20th century

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,බෙත්ලෙහෙම – 20 වෙනි සියවස මුලදී

සියක් වසක ගැටලුවක්

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව මැදපෙරදිග පලස්තීනය යනුවෙන් හැඳින්වුණු ප්‍රදේශයේ පාලනය බ්‍රිතාන්‍යය යටතට පත් විණි. එසේ වූයේ එම කොටසේ පාලනය ගෙන ගිය ඔටොමාන් අධිරාජ්‍යය පරාජයට පත් කිරීමෙන් අනතුරුවය.

එම භූමියේ සුළුතරය යුදෙව් ජාතිකයන් වූ අතර බහුතරය අරාබි විණි.

දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වය මතුවන්නට වූයේ, පලස්තීනය තුළ යුදෙව් ජනතාව වෙනුවෙන් “ජාතික නිවහනක්” ගොඩනැගීමේ කාර්යය ජාත්‍යන්තර ප්‍රජාව විසින් බ්‍රිතාන්‍යයට පැවරීමත් සමග ය.

එම භූමිය සිය පාරම්පරික නිවහන බව යුදෙව්වන් පැවසුවත් ඊට පලස්තීන අරාබි වැසියෝ ද හිමිකම් කියමින් අදාළ පියවරට එරෙහි වූහ.

Haganah (Jewish Underground) fighter just before the start of the Israeli War of Independence 1948

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,හැග්නාහ් (යුදෙව් රහසිගත) සටන්කරුවෙක් – 1948 ඊශ්‍රායල නිදහස් යුද්ධයට ආසන්නයේ

1920 සහ 40 ගණන්වල සිට එම භූමිය වෙත පැමිණෙන යුදෙව් ජනයාගේ සංඛ්‍යාව ඉහළ යමින් පැවතිණි. එසේ ආ බොහෝ දෙනා යුරෝපයේ එල්ල වූ වධහිංසාවලින් ගැලවීම සඳහා මෙන්ම දෙවෙනි ලෝක යුද්ධයේ සංහාරයෙන් පසු නිජබිමක් අපේක්ෂාවෙන් පැමිණියෝ වූහ.

යුදෙව් හා අරාබි ජාතීන් අතර ප්‍රචණ්ඩත්වය මෙන්ම බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ප්‍රචණ්ඩත්වය ද ඉහළ නගින්නට විණි.

ඒ අනුව පලස්තීනය යුදෙව් හා අරාබි රාජ්‍ය ලෙස වෙන් කරමින් ද ජෙරුසලම ජාත්‍යන්තර නගරයක් බවට පත් කරමින් ද එක්සත් ජාතීන් 1947 දී යෝජනාවක් සම්මත කර ගත්හ.

යුදෙව් නායකයින් විසින් පිළිගන්නා ලද එම සැලසුම අරාබි පාර්ශවය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර කිසිදා ක්‍රියාවට නොනැගිණි.

The soldiers of allied Arab Legion forces fire, 06 March 1948 from East sector of Jerusalem on Jewish fighters of the Haganah, the Jewish Agency self-defence force, based in Jemin Moshe quarter of the West sector of the city during during the first Arab-Jewish conflict.

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,හැග්නාහ් ලෙස හැඳින්වුණු යුදෙව් ස්වයං-ආරක්ෂක හමුදාවේ සටන්කරුවන් වෙත ප්‍රහාර එල්ල කරන අරාබි මිත්‍ර හමුදාවේ සෙබළුන් – 1948 මාර්තු

ඊශ්‍රායලයේ නිර්මාණය සහ ‘මහා විපත’

ගැටලුව විසඳිය නොහැකි වූ තැන 1948 දී බ්‍රිතාන්‍ය පාලකයින් ඉන් ඉවත්ව ගිය අතර ඊශ්‍රායල රාජ්‍යය බිහිවීම යුදෙව් නායකයින් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

බොහෝ පලස්තීනුවන් ඊට විරෝධය දැක්වූ අතර යුද්ධයක් ඇරඹිණි. අසල්වැසි අරාබි රටවල හමුදා ආක්‍රමණය කළහ.

ලක්ෂ ගණනක පලස්තීනුවන්ට පලායාමට හෝ සිය නිවෙස් අතහැර යාමට බලකෙරුණු එම සිදුවීම ඔවුන් විසින් හඳුන්වනු ලැබුවේ ‘අල් නක්බා’ නොඑසේ නම් ‘මහා විපත’ යනුවෙනි.

ඊළඟ වසරේදී සටන්විරාමයක් සමග ගැටුම් අවසන් වනවිට භූමි ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක් ඊශ්‍රාලයේ පාලනය යටතේ පැවතිනි.

ජෝර්දානය විසින් අල්ලාගන්නා ලද භූමිය බටහිර ඉවුර නමින් හැඳින්වුණු අතර ගාසා ප්‍රදේශය ඊජිප්තුව විසින් අත්පත් කරගෙන තිබිණි.

ජෙරුසලම බෙදී ගොස් තිබුණේ එහි බටහිර කොටස ඊශ්‍රායල හමුදාව සහ නැගෙනහිර කොටස ජෝර්දාන හමුදාව අතට පත්කෙරිමිනි

සෑම පාර්ශවයක් ම එකිනෙකාට චෝදනා කරන අතරේ සාම ගිවිසුමක් නොතිබූ හෙයින් ඉන් පසු එළඹුණු දශක ගණන තුළ යුද්ධ හා ගැටුම් හට ගත්තේය. BBC