Month: April 2021

ප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාර මහමොළකරු අවතාරයක්ද?

ඔස්ටින් ප්‍රනාන්දු – ඔස්ටින් ප්‍රනාන්දු   අදට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අවුරුදු දෙකක් ගතවී ඇත. එසමගින් වූ වෙනස්කම් රාශියකි. ජනාධිපතිවරයා හා රජය වෙනස්වීම සහ එහි  ප්‍රතිපලයකින් ව්‍යවස්ථාව සංශෝධනයක් විය. අවාසනාවකට, කොවිඩ් 19 මුළු ලොවම බිලිගති. මේනිසා පාස්කු ප්‍රහාරය අඩු ප්‍රමුඛතාවයක් ලැබුවත්, වින්දිතයින්ට එම සිද්ධියවත්, ප්‍රතිපලවත් සුළුපටු නොවේ. පාස්කු සිද්ධීන් ප්‍රති–විමසුමක්  පාස්කු කොමිසමේ වාර්තාව ජනගතවීමෙන් සිදුවුනි.  ලෝක ඉතිහාසයේත් මෙවැනි සිද්ධි සංඛ්‍යාව විශාලය. ශ්‍රී ලංකාවේද මෙවන්ම සිද්ධීන්ගෙන් දහස්ගණනක් මියැදී ඇත. බටහිර රටවල මෙන්ම, ඒ නිසා හමුදාමය, පරිපාලන, දේශපාලන බලධාරීහු රාජකාරියෙන් ඉල්ලා අස්නොවුහ. උසාවිගත නොවුහ. සටන් වැදුණු නිලයන්ට දෝෂ දර්ශනයන් – සාවද්‍යව හෝ නිරවද්‍යව – ජිනීවාහිදී ඉදිරිපත් කළවිට, රජය ඔවුන්ගේ වගවීම ප්‍රතික්ෂේප කළේය; අදද කරයි. තවද ත්‍රස්ත ගැටුමින් විවිධ වාර්ගීය පිරිස් දහස් ගණනින් නොයෙක් අන්දමින් මියැදුණු කළ, වගවීම ගැන ඝෝශා කලේ අතලොස්සකි.       මේ විනාශයන් සිදුවනුයේ ආරක්ෂක තීරණ දුබලතා, උපායමාර්ග බිඳවැටීම, අතපසුවීම, අවධානය හීනවීම, ආයතනික අක්‍රීයත්වය වැනි කරුණු නිසාය. පසුගිය දෑවුරුද්ද තුල පාස්කු ප්‍රහාරය නිසාම ආරක්ෂක හා දේශපාලන අංශ විවේචනය විය. දැනට බොහෝ විවේචනය වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, ආරක්ෂක අමාත්‍යංන්ශීය දෙටු නිලධාරීන්, බුද්ධි හා පොලිස් නිලයන්ය. ජනාධිපති සිරිසේන වෙනුවෙන් පෙනී සිටින්නෝ ප්‍රහාරයට කලින් එතුමා දැනුවත් නොවූ බව පවසති. ප්‍රහාරය දත් කිසිවෙකු එකී තොරතුරු ජනාධිපති සිරිසේන සමග බෙදාහදා ගත් බව නොපවසති. ඔහු ප්‍රහාරය දිව්‍යඥානයෙන් හෝ දැන සිටිබවට සැකයක් දේශපාලන හා ආගමික නායකයින් අදහස් කරන්නා සේය. අන් නිලයෝද නිදහසට සිය කරුණු දක්වති. කෙසේවුවද,. ජනාධිපති ප්‍රහාරය නොදැන සිටියේය යන්න මත, ව්‍යසනය ප්‍රහාරයට ලඝුකිරීමට ජනතාව සූදානම් නැත. ප්‍රහාරයේ මුල–අග හාරා බලන්නට ඔවුන්ට අවශ්‍යය. පාස්කු කොමිසමේ  වාර්තාවට බැහැරව ප්‍රහාරයට පෙර සිද්ධි–විශ්ලේෂණයක් අවශ්‍ය බවට කෙරෙන ඉල්ලීම් ඇසේ. එය ඉටුකළොත් පෙර රජයන් සැම පිරික්සේ. ‘යහපාලනයට’ ප්‍රහාරය පැටවුවහොත් පෙර රජයන් “ගොඩය”. වාර්තාවේ පිටු 282 සිට 286 දක්වා වගුගත සිද්ධීන් සිරිසේන ජනාධිපතිතුමාගේ ධුරකාලයට ගැලපුමක් දක්වන්නේ කලින් රජයන් අමතක කරමිනි.       ආරක්ෂක, බුද්ධි අංශ හා අන්තවාදීන්     2021 මාර්තු දෙවැනිදා ‘ඩේලි මිරර්’ පත්‍රයට රනිල් වික්‍රමසිංහයන් කළ ප්‍රකාශ දෙකක් උපුටමි.  පළමුවැන්න නම්: “ගැටුම් කාලේදී මේ මුස්ලිම් කණඩායම් සමහරක් හා ආරක්ෂක ඒකක සමහරක් අතර  සහයෝගිතාවයක් තිබුනා.” දෙවැන්න නම්: “මම කම්පනයට පත්වන්නේ ආරක්ෂක අංශයට  සම්බන්ධිත යමෙක් කෙටි පාරෙන් යන විධිය දන්නවා. කොහොම හරි සහරාන් හා කල්ලිය ආරක්ෂක පද්ධතිය දැනගෙන ඉඳල, හැංගිලා, නොපෙනෙන්නට දුරස් වෙලා හිටියා. මේක බොහොම කම්පනයට හේතුවන කරුණක්, මොකද අනාගතයේදී ඒකම සිද්ධ වෙන්න පුළුවන් නිසා..” රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයන්ගෙන් රටේ කලබැගෑනියක් ඇතිකිරීමට උත්සාහ කරතැයි කෙනෙකු පවසන්නට පිළිවන. ජනාධිපති ගෝටාබය රාජපක්ෂ  ගිරිබාවේදී කොමිසම් වාර්තාව (පිටු 306) උපුටමින් යහපාලනයට ඇඟිල්ල දිගුකරන්ට පෙර වික්‍රමසිංහයන් මෙසේ ප්‍රකාශ කළේ. ජනාධිපති සිරිසේනට හිතවාදීවීමට නොවේ. ඔහුගේ ප්‍රයත්නය ප්‍රහාරයේ වගවීම යහපාලනයට පමණක් ලඝුකිරීම වැළැක්වීමට වියහැකිය. ඒ හැරත්,  ජනතා ඉල්ලීමවන ප්‍රහාරයේ මහමොලකරුවන්ට යුද්ධ / බුද්ධි “ඉතිහාසයක්” ඇති බව හෙවත් ප්‍රහාරයට හමුදා– අන්තවාදීන් හවුලක් ඉඟිකිරීමට වියහැකිය.        වික්‍රමසිංහයන් තරමක් සත්‍ය කරමින් කොමිසමද අන්තවාදීන් සමග බුද්ධි අංශ සාමූහිකව ක්‍රියාකර ඇති අවස්ථා වාර්තා කරයි. මීට” ඉතිහාසය” විශ්ලේෂණය අවශ්‍යය. වාර්තාවෙන්ම උපුටතොත් පිටු 234 හයාතු මෝහමදු අහමදු මිල්හාන් ගැන, ඔහු 2006 දි න මිල්හාන් එල්ටීටියට එරෙහි සටනේදි ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ නියෝජිතයෙකු ලෙස  සේවය කරමින් සිටි  රාසික් මොහමඩ් ෆායිස් ගැනත්, පසුව “මිල්හාන් පොලිස් ෆායිස් සමග ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ නියෝජිතයෙකු ලෙස සේවය” කළ බව පැවසේ.    එසේම අහමඩ් ලෙබ්බේ මොහමඩ් නියාස් 1997 සිට ජිහාඩ් ව්‍යාපාරයේ සිටි බවත්, 2004 සිට හමුදා බුද්ධි අංශය සමග සම්බන්ධතා තිබුණු බව වාර්තාවේ පිටු 241 පැවසේ.  වාර්තාවේ 230- 234 දක්වා පිටුවල අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ් ඔස්ට්‍රේලියාවේදී “රැඩිකල්වාදී” වී, 2014 දී සර්ඵාස් නිලාම් සමග සමස්ත ලංකා තහුවිද් ජමාත්හි සම්බන්ධතා ගොඩනගාගෙන, අයිඑස් සංවීධානයට බැඳෙන්නට තුර්කියට ගිය බවත්, (231 පිටුව) පැවසේ. පිටු 233දී  2016 දෙසැම්බරයේ සිට ජමීල්ව ආගමික අන්තවාදියෙකු ලෙස හමුදා බුද්ධි අංශ හඳුනාගෙන සිටි බව පැවසේ.    රහස් පොලිසිය සහරාන් ගේ මස්සිනාවන අන්සාර් තොරතුරු සපයන්නෙකු ලෙස යොදාගත් බව කොමිසම  හෙළිකරයි. (පිටු 501). එහි කාල නිර්ණයක් නොදක්වන නිසා  හා වනාතවිල්ලු සිද්ධියට සම්බන්ධය නිසා සමහරවිට යහපාලන සමයේදීද මෙය සිදුවන්නට ඇත. මේ අනුව සියලුම රජයන් “වරදෙහි” බැඳුණියයි චෝදනා කළ හැකිවේ.    පාස්කු වාර්තාවේ තවත්  උපුටන කිහිපයක් අනුව අන්තවාදය පැටව්ගැසීම් ගැන පැවසිය හැකියි.  සයින්දමරුදුහිදී 26-4-2019 දින හමුදාව අතින් මියගිය අහමඩ් ලෙබ්බේ මොහමඩ් නියාස් බහරේනයට පලාගොස් සිට 2018 ශ්‍රී ලංකාවට පැමිණ ඇත....
ප්‍රවෘත්ති

මහජන මුදල් අවභාවිතා කිරීම. අජිත් නිවාඞ් කබ්රාල් මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්..!

2014 වසරේදී, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය ඇමරිකාව තුළ ගොඩ නැගීම සදහා යයි කියමින්, ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක්, ඉමාද් ෂා සුබේරී නම් අයට ලබා දීම සම්බන්ධයෙන්, මුදල් රාජ්‍ය ආමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් සහ ජනාධිපති ලේකම්...
ප්‍රවෘත්ති

‘පෝට් සිටි’ පනත යනු රාජපක්ෂවාදයේ මරලතෝනියයි -අජිත් පැරකුම් ජයසිංහ

පෝට් සිටි පනත හෙවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ සරල ඇත්ත වත්මන් ආණ්ඩුවේ කාර්යභාරය විවෘත ජාතිකවාදී පදනමකින් විග්‍රහ කරන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ ප්‍රකාශ කර තිබිණි. “නොබැදි පිළිවෙත, ජාතික ස්වෛරීභාවය...
ප්‍රවෘත්ති

අගමැති හා පක්ෂ නායකයින් අතර ගැටුමක්? – ඇත්ත කතාව මෙන්න

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නැගිට ගොස් ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නැතැයි අගමැති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු...
ප්‍රවෘත්ති

පෝර්ට් සිටි පනත් කෙටුම්පත ඇන්නුවේ පී.බී.ගේ ගජයින් තිදෙනා…?

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව විපක්ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂය තුලින් බරපතල විරෝධයක් එල්ලවීමට බලපා ඇති ප්‍රධානම කාරණය, අදාල පනත් කෙටුම්පත සංශෝධනය කිරීමේදී ජනාධිපති ලේකම් ආචාර්ය පී .බී . ජයසුන්දරගේ හිතවතුන් තිදෙනෙකු...
ප්‍රවෘත්ති

වරාය නගරය (Port City) – Basnayaka

වරාය නගරය (Port City) සරලවහැබෑටම පෝර්ටි සිටිය චීන කොලනියක්ද?නැත සමිපූර්ණයෙන්ම වැරදි කියමනක්.එහෙනමි මොකක්ද? ශ්‍රී ලංකා රජයට 100% ක්ම සින්නක්කරව අයිති හෙක්ටයාර 269 ක එනමි අක්කර 664 ක භූමි භාගයක්.දියකඩනයත්, දිය අගලත් එකතු කරපුවහම තමයි ඔය...
ප්‍රවෘත්ති

රේගු­වට කොකා පෙන්වූ පවි­ත්‍රතා සුප­ව­යි­සර්ගේ රන් බිස්කට් මග­ඩිය

තාරක වික්‍රමසේකර රජයට අය විය යුතු බදු නොගෙවා රේගුවේ ඇස් වසමින් මෙරටට භාණ්ඩ ගෙන ඒම ආරම්භ කෙළේ අද ඊයේ නෙමේ. දශක ගණනාවක සිට සිදු කරන්නා වූ මේ මහා පරිමාණ වංචාවන් නිසා රජයට අහිමි වන බදු...
ප්‍රවෘත්ති

කොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය විකට නළු විවේක් දිවිසැරිය නිම කරයි

කොලිවුඩ් සිනමාවේ විකට නළු භූමිකාවට පණ පොවමින් ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ ප්‍රවීණ නළු විවේක් (Vivekanandan) සිය දිවි සැරිය නිමා කර තිබෙනවා. ඊයේ දිනයේ හදිසියේම රෝහල්ගත කළ ඔහු අද දිනයේ උදෑසන 05ට පමණ මෙලොව හැර ගිය...