Month: March 2022

ප්‍රවෘත්ති

කොටස් මිල දර්ශකය වැඩිම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය නව වාර්තාවක් පිහිටුවීමට ඊයේ (10) සමත්විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය එක්දිනක් තුළ වාර්තා කළ වැඩිම ඒකක අගය වන 692.35 වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර, ඊයේ දිනය...
ප්‍රවෘත්ති

පාස්කු ඉරිදා ප්‍රහාර නඩුවලින් මාව නිදහස් කරන්න මෛත්‍රීගේ පෙත්සම විභාගයට අවසර

පාස්කු ඉරු දින ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ, සදාකාලික අාබාධිත වු හා අගතියට පත් වූ පවුල්වල සාමාජිකයන් එකසිය නවදෙනකු පැවරූ නඩු සියල්ල විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කර, එම නඩුවලින් තමන් මුදාහරින්නැයි ඉල්ලා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන...
ප්‍රවෘත්ති

මේ මස අග බැසිල් ඉන්දියාවට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ මස දෙවැනි භාගයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ...
Uncategorized

දවස් තුනකට ගෑස් ඇවිත්

ගෑස් ගොඩබෑමට මහ බැංකුව ඩොලර් නිකුත් කරයි ගෑස් මෙට්‍රික් ටොන් 2500ක තොගයක් ගොඩබෑම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (07) පස්වරුවේ ඩොලර් නිකුත් කර ඇත. මෙම ගෑස් තොගය ප්‍රමාණවත් වන්නේ දින තුනකටය. එම ගෑස් ගොඩ...
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකා රජයේ ආදායම වැඩි වෙමින් පවතිනවා – අන්තර්ජාතික මූල්‍ය අරමුදල

වසර 2021දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8.9ක් වූ රජයේ ආදායම මේ වසරේදී සියයට 10.7 දක්වා ඉහළ යනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි. ඒ අනුව වසර 2018 සිට ක්‍රමිකව අඩු වෙමින් පැවති ශ්‍රී...
ප්‍රවෘත්ති

ජනපති හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් හෙට(8) සවස 4.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත වේ.  රටේ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන...
Uncategorized, ප්‍රවෘත්ති

‘අපේ විරුවා’ සින්දුව ඇසීම දඩුවම් ලැබිය හැකි වරදක් !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුගේ මැතිවරණ තේමා ගීතයක් ලෙස යොදාගත් ‘අපේ විරුවා’ ගීතය, මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ අනිසි ලෙස යොදා ගෙන තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත...
ප්‍රවෘත්ති

විමල්ට-ගම්මන්පිලට එ.ජ.නි.සයෙන් ආරාධනාවක්

අජන්ත කුමාර අගලකඩ විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂවලටද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය ගන්නා ලෙස ආරාධනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ . හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන...
ප්‍රවෘත්ති

ඇමති වාසුත් තනතුර අතහැර යයි ද?

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. බොහෝ විට ඒ සම්බන්ධ අවසන් තීරණය අද...
ප්‍රවෘත්ති

ජනපති හදිසියේ ඇමතිවරු වෙනස් කරයි

විමල්ට උදයට තනතුරු අහිමිවෙයි ? කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් තවත් සුළු මොහොතකින් සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වේ. රජයේ ආරංචි මාර්ග සදහන් කළේ තවත් සුළු මොහොතකින් නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි. එම...